මහ බල්ලා තාරකා රාශියට අයත් මන්දාකිණි දෙකක ගැටුමක් විසින් අසිරිමත් දර්ශන පෙළක් ලබාදෙමින් ඇතැයි වාර්තා වේ.
NGC2207 හා IC2163 ලෙස හැඳින්වෙන මෙම මන්දාකිණි යුගලය දීප්තිය විහිදුවමින් ගැටෙමින් ඇති බව නාසා ආයතනය පවසා තිබේ.
මෙම සටන නිසා පසුගිය වසර 15ක කාලය තුළ සුපර්නෝවා පිපිරීම් 3ක් ජනිත කර ඇති අතර ඔවුන් මෙතෙක් අප දැක ඇති සුපිරි දීප්තිමත් එක්ස් කිරණ ආලෝකයන්ද ලබාදීමට ත්‍යාගශීලී වී ඇත.
අතිදීප්තිමත් එක්ස් කිරණ මූලාශ‍්‍රයන් හෙවත් ULX ලෙස හැඳින්වෙන මේවා එක්ස් කිරණ නිකුත් කරන සාමාන්‍ය යුග්මයන්ට වඩා බොහෝ දීප්තිමත් බව පැවසේ.
තාරකාවක් තවත් නියුට්‍රෝන තාරකාවක් හෝ තාරීය ස්කන්ධ කළු කුහරයක් වටා ගමන් කරන යුග්මයකදී මධ්‍යයේ ඇති ප‍්‍රබල ආකර්ෂණ බලය නිසා වටේ ගමන් කරන තාරකාවේ ස්කන්ධයන් ගැලවී එන අතර ඒවා සෙන්ටිගේ‍්‍රඞ් මිලියන ගණනක් දක්වා රත්වූ පසු එක්ස් කිරණ නිකුත් වේ.
ක්‍ෂීරපථය ආකාරයේ සර්පිලාකාර මන්දාකිණිවල සර්පිල බාහුවල නව තාරකා ඉපදෙන අතර එවැනි බාහු එකිනෙක ගැටුම නිසා ඒවා අතර ඇති වායු වළාකුළු බිඳ වැටී ඉතා වේගවත් ලෙස තාරකා සහ තරු පොකුරු නිර්මාණය වන බව විද්‍යාඥයින්ගේ අදහසයි.
මෙම මන්දාකිණි ගැටුම තවමත් ළදරු අවධියේ පසුවන අතර එය තවත් වසර බිලියනයක් පවතිනු ඇතැයි පැවසේ. NGC2207 හා IC2163 යුග්මය ආලෝක වර්ෂ 130ක් ඈතින් පිහිටා ඇති අතර එය 1835දී ජෝන් හර්ෂල් විසින් සොයා ගන්නා ලදී.
Monday, December 22, 2014

මන්දාකිණි දෙකක සටනක් [Video]
Tags
# එතෙර පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment