දෙමළ ජාතික සන්ධානය පොදු ආපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී කොන්දේසි විරහිතව සහයෝගය දීමට තීන්දු කර තිබේ.
මෙම තීන්දුව ගෙන ඇත්තේ ඊයේ දිනයේ පැවති එම සන්ධානයේ නායකයන් වන මාවෙයි සේනාධිරාජා, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, සිද්ධාර්ථන් සහ සෙල්වම් අඩෙක්කලනාදන් සහභාගි වූ හමුවකදීය.
මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුලින් දෙමළ පාර්ශව සම්බන්ධයෙන් කිසිවක් සඳහන් නොවන්නේ තම උපදෙස් මත බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන්ගේ එහිදී සඳහන් කර ඇති අතර දෙමළ පාර්ශව සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කිසිවක් සඳහන් නොකරන ලෙසද එකඟ වී ඇතැයි ඔහු පවසා තිබේ.
මෙම තීරණය දැනට ඉන්දියාවේ සිටින පක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ලබන 26 දින මෙරටට පැමිණි වහාම නිවේදනය කිරීමටද නියමිතය.
Tuesday, December 23, 2014

හොර එළිවේ.. දෙමළ සන්ධානය සිරිසේනට සහාය දීමට තීරණය කරයි..
Tags
# දේශපාලන පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment