සිරියානු හමුදාව විසින් ඊශ‍්‍රායලයට අයත් චරපුරුෂ ඩ්‍රෝන යානාවක් පහරදී බිම හෙළා ඇතැයි වාර්තා වේ.
සිරියානු හමුදා ආරංචි මාර්ග පවසන්නේ ස්කයිලාක් වර්ගයේ නියමු රහිත ඩ්‍රෝන යානාව නිරිතදිග සිරියාවේ කුනෙයිත‍්‍රා නගරයට ඉහළින් පියාසර කරමින් තොරතුරු රැස් කිරීමේ යෙදී සිටි අවස්ථාවේදී එයට පහර එල්ල කළ බවයි.
කුනෙයිත‍්‍රා නගරය සිරියාව සහ ගෝලාන් කඳුකරයේ ඊශ‍්‍රායල පාලන ප‍්‍රදේශය අතර පිහිටුවා ඇති යුධ මුක්ත කලාපය තුළ පිහිටා තිබේ.
මෙම ප‍්‍රදේශය 1974 සිට එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවන් විසින් නිරීක්‍ෂණය කරමින් ඇත.
වැඩිදුර තොරතුරු කිසිවක් අනාවරණය කර නොමැති අතර ඊශ‍්‍රායලය විසින්ද කිසිදු අදහසක් මෙතෙක් දක්වා නොමැත.පසුගිය මාස කිහිපය තුළදී විදේශ ආධාර ලබන කැරලිකරුවන් අතර පැවති ගැටුම්වලින් සිරියානු හමුදාව වැඩි වාසි අත්කරගෙන ඇතැයි පැවසේ.
දමස්කස් විරෝධී ටක්ෆිරි කැරලිකරුවන්ගේ ආධාරකරුවකු වන ඊශ‍්‍රායලය සිරියාව තුළ ඇති ඉලක්ක ගණනාවකට 2011න් පසු ගුවන් ප‍්‍රහාර එල්ල කරන ලදී.
මෙම ගුවන් ප‍්‍රහාරයන් සිරියාවේ භෞමික අඛණ්ඩතාවයට එල්ල කළ තර්ජනයක් ලෙස හඳුන්වාදී ඇති සිරියාව ඊට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සිලය විසින් පියවර ගත යුතු බව පවසා තිබේ.
Tuesday, December 23, 2014

සිරියාව ඊශ‍්‍රායල ඩ්‍රෝනයක් බිම හෙළයි
Tags
# එතෙර පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment