
ඇතැමෙක් තමන් සතු දේපළ විකුණා දමා එම මුදල්ද සංවිධානයේ අරමුදල තරකිරීම සඳහා ගෙන යන බවත් තම ගමන ජීවිත පූජාකිරීම සඳහා යන ගමනක් ලෙස සැලකීම එයට හේතුව වන බවත් නිව් ස්ටේ‍්‍රට් ටයිම්ස් පුවත්පත විසින් වාර්තා කර තිබේ.
මෙම ක‍්‍රියාවලිය සැලකිය යුතු කාලයක් තිස්සේ සිදුව ඇති අතර මැලේසියානු පොලිස් ආරංචි මාර්ග පවසා ඇත්තේ බැංකුවලින් ලබාගන්නා ණය මුදල් යළි ගෙවා දැමීමේ කිසිදු අදහසකින් තොරව මෙකී පුද්ගලයන් කටයුතු කරන බවයි.
සිරියාවට යාමට උත්සහ කළ එක් කාන්තාවක් අත්අඩංගුවට ගැනිමේදී ඇය ඩොලර් 28695ක මුදලක් ණය ලෙස ගෙන ඇති බව හෙළිව ඇත.
පසුගියදා ක්වාලාලාම්පූර් අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අත්අඩංගුවට පත්වූ ජාතික සේවා පුහුණුකරුවකු පවසා ඇත්තේ ඩොලර් 5739ක් ඔහු ණයට ගෙන ඇති බවයි.
තමන් යළි මැලේසියාවට පැමිණියත් අත්අඩංගුවට පත්වනු ඇති බැවින් බැංකු ණය ගෙවීම මුහුණදෙන අවම ගැටළුවක් වනු ඇති බව ඔවුන්ගෙන් ඇතැමෙක් පවසා ඇතැයි වාර්තා වේ.
මැලේසියානු ත‍්‍රස්ත විරෝධී ඩිවිෂනයේ විශේෂ අංශයේ ප‍්‍රධාන සහකාර අධ්‍යක්‍ෂක ඩාටුක් අයොබ් කාන් මයිදින් පිචායි පවසා ඇත්තේ වයස විසි ගණන් වල පසුවන තරුණ සටන්කාමීන් අතර මෙම ක‍්‍රියාවලිය ජනප‍්‍රිය වන බවයි.
No comments:
Post a Comment