පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ෂහීඩ් අෆ්රිඩී එක්දින පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇත.
ඒ එළඹෙන 2015 ලෝක කුසලානයෙන් පසුවය. ඔහු ලබන වසරේ සහභාගී වීමට නියමිතව ඇත්තේ ඔහු සහභාගී වන 5වන ලෝක කුසලානයටය.
කෙසේ වෙතත් එක්දින පිටියෙන් සමු ගත්තද ඔහු 2016 පැවැත්වෙන ලෝක කුසලාන 20 – 20 තරඟාවලිය තෙක් ජත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැඳී සිටිනු ඇත.
සමුගැනීම සම්බන්ධව අෆ්රිඩී පැවසුවේ,
“මට අවශ්‍ය වුණේ සුදුසු කාලෙදී ගෞරවනීය ලෙස ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්න. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා අනාගතයේදී මගේ ස්ථානය දක්ෂ තරුණ ක්‍රීඩකයෙකුට හිමිවෙයි කියලා.” ලෙසය.
පාකිස්තානු එක්දින නායක මිස්බා උල් හක් ආබාධයකට ලක්වීම නිසා පසුගියදා නවසීලන්තය සමඟ පැවැති එක්දින තරගාවලියේදී අෆ්රිඩීට කණ්ඩායමේ නායකත්වය හිමිවූ අතර, එහිදී ඔහු තුන් ඉරියව්වෙන්ම සුවිශේෂී දක්ෂතා දැක්වීමට සමත්විය.
Monday, December 22, 2014

ෂහීඩ් අෆ්රිඩී එක්දින පිටියට ආයුබෝවන් කීමට සැරසේ
Tags
# ක්‍රීඩා පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment