ෆොන්සේකා ආන්ඩුවට පනින කතාව ඇත්තද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 22, 2014

ෆොන්සේකා ආන්ඩුවට පනින කතාව ඇත්තද

සරත් ෆොන්සේකා මහතා රජයට එක්වන බවට ආරංචියක් මේ දිනවල පැතිර ඇති බවත් එය කිසිසේත්ම සිදු නොවන දෙයක් බවත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජාතික සංවිධායක ගයාන් විතානගේ ප්‍රකාශ කරනවා.

පසුගියදා ජයන්ත කැටගොඩ මහතා රජයට සහයෝගයදීමෙන් පසු ඔහුගේ ඉල්ලීමක් ලෙස ෆොන්සේකා මහතාගේ අයිතීන් මේ රජය ලබාදෙන බවත් ඒ අනුව ඔහු මෛත්‍රීට සහය දෙන ස්ථාවරය වෙනස් කර ඇති බවත් මේ ආරංචියෙන් කියැවී තිබුණා.

පසුගිය සතියේ හෂාන් තිලකරත්නද රජයට එක්වී පසුව ඔහුගේ ඥාති සොයුරු හා ෆොන්සේකාගේ බෑනනුවන් වන දනුන තිලකරත්නට කිසිදු බාධාවකින් තොරව ඇප ලැබීමත් නිසා මෙම ආරංචි පැතිර ඇති මුත් ඒ සියල්ල කටකතා පතුරුවන අයගේ බේගල් බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජාතික සංවිධායක ගයාන් විතානගේ ප්‍රකාශ කළා.

yminister.com

No comments:

Post a Comment

Post Bottom Ad