ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෙක් බලහත්කාරයෙන් අධිකරණ පරිශ්‍රයක් තුළට රැගෙන යන අකාරය දැක්වෙන දර්ශන පෙළක් ඉන්ටර්නෙට් ඔස්සේ ව්‍යාප්ත වෙමින් තිබේ.
සිද්ධිය වාර්තා වන්නේ, ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි බෝපාල් නගරයෙනි.ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, අනීස් ඛාන් නමැති මෙම පුද්ගලයා යුද පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති බව ය.
පසුව නඩුව විභාගය සඳහා අධිකරණ පරිශ්‍රයට රැගෙන විත් ඇති අතර එහිදී සැකකරු අධිකරණ භූමියට ඇතුළු වීම ප්‍රතික්ෂේප කර තිබේ. පසුව පොලීසිය සිය බලය යොදා සැකකරු අධිකරණය තුළට ගෙන යාමට ක්‍රියා කරන ආකාරය දර්ශන පෙළින් දැකගත හැකි ය.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ප්‍රාන්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ය.
මෙම සිද්ධිය බොහෝ පිරිසකගේ දැඩි විවේචනයකට ලක්ව ඇති අතර මධ්‍ය ප්‍රදේශ්හි කොංග්‍රස් නියෝජ්‍ය සභාපති මනක් අග්‍රවල් පවසා ඇත්තේ, බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ හෝ මෙවැනි සිදුවීම් වාර්තා වී නොමැති බව ය
Tuesday, October 7, 2014
පොලීසියේ තවත් ගැහිල්ලක් (VIDEO)
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment