සිසුන් දෙදෙනෙකුට අතවර කළ ඉංග්‍රීසි ගුරුවරී මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 7, 2014

සිසුන් දෙදෙනෙකුට අතවර කළ ඉංග්‍රීසි ගුරුවරී මෙන්න

සිසුන් දෙදෙනෙකු අපචාරයට ලක් කල ඇමරිකානු ගුරුවරියකට එරෙහිව නඩු පැවරෙයි.

විදෙස් වාර්තා සදහන් කර ඇත්තේ ඇමරිකාවේ උටා ප්‍රාන්තයේ පාසැලක ඉංග්‍රීසි ගුරුවරියක් මෙලෙස චෝදනාවට ලක්ව ඇති බවයි.35 හැවිරිදි මෙම ගුරුවරිය තමන් යටතේ ඉගෙනුම ලබන 16 හැවිරිදි සහ 17 හැවිරිදි සිසුන් දෙදෙනෙකු අපයෝජනයට ලක් කර තිබේ.

ඇයගේ නිවසේදී, රථ ගාලක් තුළදී  මෙනම පාසැලේ දී මෙම සිසුන් වරින් වර ගුරුවරිය විසින් අපයෝජනයට ලක් කර ඇතැයි වාර්තා වෙයි.අධිකරණය හමුවේ නඩුව විභාග වන අවස්ථාවේ සාක්ෂි ලබාදුන් සිසුන් නිවැරදිව ඇයගේ සිරුරේ පච්ච කොටා ඇති ස්ථාන සහ ඇයගේ නිවසේ බඩු බාහිරාදිය තබා තිබෙන ආකාරය ගැන පැහැදිලිව විස්තර කර තිබේ.

මුලින්ම 16 හැවිරිදි සිසුවා සමග ඇය ලිංගික සබදතා පවත්වා ඇති බවට චෝදනා එල්ල වී ඒවා විභාග වෙමින් පවතින අතර තුර දෙවන පැමිණිල්ල තවත් 17 හැවිරිදි සිසුවකුගේ මිත්තණියක විසින් ඉදිරිපත් කර තිබේ.

මෙම 17 හැවිරිදි සිසුවා තවත් මිතුරන් කිහිප දෙනෙක් සමග තමන්ද ඉංග්‍රීසි ගුරුවරිය හා සබදතා  පවත්වන බව පවසා තිබේ.මේය ඇසු ඔහුගේ මිතුරියක් මේ බව මෙම තරුණයාගේ මිත්තණියකට පැවසීමෙන් පසු ඇය මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර තිබේ.

ඒ අනුව අධිකරණය හමුවේ නඩුව විභාග වෙමින් පවතියි

No comments:

Post a Comment

Post Bottom Ad