‘වෙනූෂා ඉමන්දි’ යන නම දැන් බොහෝ දෙනෙක්ට අමතක ඇති. නමුත් මෙම වසරේ පෙබරවාරි මාසයේදී ඇය තරම් කතා බහට ලක්වූ පාසැල් සිසුවියක් වෙන නැති තරම්.
ඒ ඇය ෆේස්බුක් වෙබ් අඩවියේ පළවී තිබූ ඡායාරූපයක් සම්බන්ධයෙන් සිය විදුහල්පතිවරයා බැන වැදීම නිසා සියදිවි නසාගත් සිසුවියක නිසයි.
ඒ සිදුවීම දැන් බොහෝ දෙනෙකුට අමතකවී ඇතත් දරුවන් අන්තර්ජාලය නිසි අයුරින් භාවිතා කිරීමට යොමුකිරීමත්, දරුවන්ගේ ප‍්‍රශ්න දෙස වැඩිහිටියන් මීට වඩා සංවේදී ලෙස බැලීමටත් වෙනූෂා වැඩිහිටියන්ගේ දෑස හැරියා. වෙනූෂා සුන්දර තරුණියක වූවා පමණක් නොව ඇය දක්ෂ තරුණියක්ද විය.
නර්තන අංශයෙන් ඇය දැක්වූ දක්ෂතා පෙන්වන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයටද මුදාහැර තිබෙනවා. දෙරණ නාලිකාවේ සංගීත වැඩසටහනකට සහභාගීවී ඇය පෙන්වන නර්තන දක්ෂතාවයන්ගෙන් අකාලයේ මියගිය ඇය පිළිබදව නැවතත් හිතන්නට යමක් ඉතිරි කරාවි.
Friday, October 24, 2014

ෆේස්බුක් නිසා මියගිය වෙනූෂාගේ නර්තන හැකියාව (Video)
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment