විගනේෂ්වරන් පන්නා දමනු.. TNA මන්ත‍්‍රීන් ලිඛිතව කියති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 24, 2014

විගනේෂ්වරන් පන්නා දමනු.. TNA මන්ත‍්‍රීන් ලිඛිතව කියති..

දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් මන්ත‍්‍රීවරුන් විසින් උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් එම තනතුරින් ඉවත් කරන ලෙස නායකත්වයෙන් ඉල්ලා තිබේ.

විග්නේශ්වරන් කාර්යක්ෂමතාවයක් නොමැති මහ ඇමතිවරයෙකු බව පවසමින්  2014 වර්ෂය අවසානය වන විට ඔහු එම ධුරයෙන් ඉවත් කර, සුදුසු පුද්ගලයෙකු එම ධූරයට පත්කරන්නැයි උතුරු පළාත් සභාවේ උප සභාපති ජෙගනාදන් විසින් පක්‍ෂ නායකත්වයට හදිසි ලිපියක් භාරදී ඇත.

 ‘කාර්යක්ෂමතාවයක් නොමැති මහ ඇමතිවරයෙකු වන සී.වී.විග්නේෂ්වරන්ව 2014 වර්ෂය අවසානය වන විට එම ධූරයෙන් ඉවත් කර, සුදුසු පුද්ගලයෙකු එම ධූරයට පත්කරන ලෙසත්, පක්‍ෂ නායකත්වය එය සිදුකිරීම පැහැරහැරියහොත්, තමන් මේ වන විට දරණ උතුරු පළාත් සභාවේ උප සභාපති ධූරයෙන් සහ මන්ත්‍රීධූරයෙන් මෙම වර්ෂය අවසානයේදී, ඉල්ලා අස්වන බව දැනුම් දෙන්නෙමි.

 කාර්යක්ෂමතාවයක් නොමැති මහ ඇමතිවරයාගේ කටයුතු හේතුවෙන්, උතුරු පළාත් සභාව සම්පුර්ණයෙන්ම අඩාල වී ඇත. පළාත් සභා මන්ත්‍රීවරු වන අප, ජනතාවට මුහුණදීමට නොහැකි තත්වයක් උද්ගතව ඇත. අප වෙත එල්ල වන විවේචනයන්ට පිළිතුරු දීමට නොහැකි තත්වයක් උද්ගතව ඇත.

 මා සිටින මුලතිව් දිස්ත්‍රික්කයේ වැඩපිළිවෙලවල් කිහිපයක් ක්‍රියාත්මක කිරීම සඳහා මහ ඇමතිවරයාට මේ දක්වා දුරකථන ඇමතුම් 50 කට වැඩි ප්‍රමාණයක් ලබාදී ඇත. මේ දක්වා එයට පිළිතුරු දීමට හෝ ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට ඔහු ඉදිරිපත් වී නොමැත. ඔහුව සෘජුව හමුවීමටද නොහැකි තත්වයක් ඇත. මේ සම්බන්ධයෙන් සකස් කළ ලිපියට කුමක් සිදුවාද? යන්න නොදන්නෙමි’
 යනුවෙන්ද එම ලිපියේ දැක්වේ.

No comments:

Post a Comment

Post Bottom Ad