මානසික රෝගියකු වන තම මෑණියන් සමඟ බෙහෙත් ගැනීමට රාගම රෝහලට පැමි‚ අවුරුදු 15 ක් වයසැති දියණිය තම නිවසට කැඳවා ගෙන ගොස් දින 3 ක් තිස්සේ ලිංගික අතවර කළ හමුදාවෙන් පලා ආ සෙබළකු කඩවත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
දන්ඕවිට ප්‍රදේශයේ පදිංචි මව හා දියණිය බෙහෙත් ගැනීමට රාගම රෝහලට 21 දා පැමිණි අවස්ථාවේ ඔවුන් හා පැවැති කතා බහෙන් පසු මවගේ දුරකථන අංකය ලබා ගත් සොල්දාදුවා එම අංකයට කතා කිරීමෙන් සම්බන්ධය ඇති කර ගෙන තිබේ.
වරකාපොල ඇති තමන්ගේ නිවසට ඔවුන් දෙදෙනා කැඳවා ගත් සැකකරු දින 3 ක් තිස්සේ ඔවුන් දෙදෙනාටම ලිංගික අතවර කර තිබේ.
විවාහක පුද්ගලයකු වන සැකකරු කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු බිරිඳගෙන් වෙන්ව තනිකඩ ජීවිතයක් ගෙවන දෙදරු පියෙකි. සැකකරු මවට හා දියණියට කරන ලද ලිංගික අතවර සම්බන්ධව අත් අඩංගුවට ගෙන තිබේ. මෑණියන්ගේ වයස අවුරුදු 37 ක් වන අතර දියණිය අවුරුදු 15 මාස 7 කි.
සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්වීමෙන් පසු මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව ඔක්තෝබර් 29 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. දියණිය වෛද්‍ය පරීක්ෂණය සඳහා රෝහල් ගත කර ඇත.
කඩවත පොලිස් ස්ථානාධිපති ප්‍ර. පො. ප. පෙරුමාල් පද්මනාදන් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො. ප. ගැමුණු ගුණරත්න, ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපති ඉරේෂා, පො. කො. 73122 බණ්ඩාර, පො. කො. 61881 ජගත් යන නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.
කඩවත - කරුණාදාස ජයකොඩි ආරච්චි
Friday, October 24, 2014

දුරකථන අංකය දීලා මවටයි දුවටයි තෙදිනක් අතවර කරලා
Tags
# ආරක්ෂක පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment