විවාහ වෙලා දරුමල්ලො හදන දෙමව්පියන්ට ඊළඟට තියෙන වැදගත්ම වැඩේ තමයි දරුවන්ට හොඳ සහකරුවෙක් නැත්නම් සහකාරියක් හොයල දෙන එක.
මේ කතාව දුවට සහකරුවෙක් හොයල කසාද බන්දල දෙන දවසෙම තමන්ගෙ කසාදයත් කරගත්ත අම්ම කෙනෙක් ගැන. කෙටියෙන්ම කිව්වොත් එකම දවසෙ එකම උත්සවයෙදි කසාද බැඳපු අම්මෙකුයි දුවෙකුයි ගැන.
අම්මගෙ නම සුසෑන් ස්කොට් විලියම්. වයස අවුරුදු 51යි. දුවගෙ නම කිම් මිල්හානො. ඇගේ වයස අවුරුදු 28යි. මේ දෙන්නගෙ විවාහ මංගල්ලය පැවැත්වුනේ බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල් නගරයේ තම නිවස ආසන්නයේම තිබෙන හෝටලයක.
අම්මගෙයි දුවගෙයි මේ මංගල්ලය එකට ගැනීම නිසා ඔවුන්ට පවුම් 2000 (රුපියල් 419362) ක් ඉතිරි කරගන්නත් පුළුවන් වුණාලු. කිම් සාත්තු සේවිකාවක්. ඇගේ සැමියා කාලෝ. හතළිස්පස් හැවිරිදි ඔහු ඉදිකිරීම් වෘත්තියේ නියැලෙන්නෙක්. සුසෑන්ගෙ සැමිය හතළිස්හය හැවිරිදි බැරී වෘත්තියෙන් සැරසිලි ශිල්පියෙක්.
Wednesday, October 8, 2014
එකම දවසෙ කසාද බැන්ද අම්මයි දුවයි (PHOTOS)
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)











No comments:
Post a Comment