රෑට නිදියන්න ඕන පැය ගණන හරියටම දැනගන්න... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 8, 2014

රෑට නිදියන්න ඕන පැය ගණන හරියටම දැනගන්න...

නින්ද කියන්නෙ අපට නැතුවම බැරි දෙයක්. හැබැයි සමහරුන්ට හරියට නිදියන්න වෙන්නෙ නැහැ. අවශ්‍ය ප්‍රමාණයට නින්ද නොලැබෙනව කියන්නෙ ශරීර සෞඛ්‍යයට හොඳ දෙයක් නෙවෙයි.

වැඩුණු මිනිසෙකුට දිනකට පැය 6ක්වත් නින්දක් ඕන කියල කියනව වගේම පැය 8ක්වත් ඕන කියලත් කියනව. මේ පිළබඳ පර්යේශණයක් කරපු පින්ලන්තයේ විද්‍යාඥයො දැන් කියන්නෙ ඊට වෙනස් කතාවක්. 

ඔවුන් පෙන්වා දෙන්නෙ කාන්තාවකට එක් රැයකට පැය 7.6 (මිනිත්තු 456) කාලයක නින්දක් ලැබිය යුතු බවයි. මේ පර්යේශණයෙදිත් පිරිමින්ට වාසියක් වෙලා තියෙනව. මොකද මේ විද්‍යාඥයින්ට අනුව පිරිමියෙක් දිනකට පැය 7.8 (මිනිත්තු 468) කාලයක් නිදන්න ඕන.

පින්ලන්ත සමාජ ආරක්ෂණ ආයතනය මැදිහත්වෙලා පවත්වපු මේ පර්යේශණයට පුද්ගලයින් 3760ක් සහභාගී කරගෙන තිබෙනව.

No comments:

Post a Comment

Post Bottom Ad