එජාපයේ G-20 කණ්ඩායමට විමල් අලූත් නමක් දායි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 20, 2014

එජාපයේ G-20 කණ්ඩායමට විමල් අලූත් නමක් දායි

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති කරවීම සඳහා එජාපයෙන් පත් කර ඇති 20 කමිටුව සඳහා ඇමති විමල් වීරවංශ සුදුසු නමක් යෝජනා කරයි.

කොලඹ පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙසේ අදහස් පල කලේය. ‘ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහත්තයාව දිනවන්න එක්සත් ජාතික පක්ෂයෙන් ජී.ටුවෙන්ටි කියලා විසිදෙනෙක් නම් කරලා තියෙනවා.

ඒකෙ සජිත් ප්‍රේමදාස මහත්තයාගෙ ඡායරූපයක් තිබුණා.මට නම් ඒක දැක්ක ගමන් හිතුනෙ ගොන් ටුවෙන්ටි කියලා.මේක ගොන් ටුවෙන්ටි වෙන්නෙ මොකද ? මේ විසිදෙනා නියත පරාජයකට තමයි මේ කරගන්න හදන්නෙ.මේ නලලේ කොටලා තියෙන පරාජයක්නෙ.

ගොන් නැත්නම් ඔයවගේ එකකට කර ගහයිද ? මම හිතන්නෙ ජී.ෆෝටි විතර කරගන්න ගිහිල්ලා බැරිවෙලා යන්තන් 20ක් අල්ලගෙන තියෙනවා.මේ ජී ටුවෙන්ටි හදලා මොකක්ද කරන්න ලෑස්ති වෙන්නෙ.වෙනින් දෙයක් නොවෙයි නමක් දානකොට මොකක් හරි ලංකාවට ගැලපෙන නමක් දාන්න ඕන. 

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපි නම් නමක් දානකොට මෙහෙයුම් කමිටුව, මැතිවරණ මෙහෙයුම් කමිටුව වගේ අපේ රටට ඔබින විදියට නම් දානවා.මේකෙ නම දාන්නෙත් යුරෝපා පන්නෙට ජී.ටුවෙන්ටි කියලා. 

ඒකෙන්ම පේනවා තවම මනස හරි ගිහිල්ලා නැහැ.තාම තියෙන්නේ ලන්සි පැපොල් මනසක් ” යනුවෙන්  ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය’

No comments:

Post a Comment

Post Bottom Ad