ත‍්‍රස්තවාදයවට එරෙහි ඇමරිකාවේ යුද්ධය රුසියාව දුර්වල කිරීමට කල් ගැනීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 20, 2014

ත‍්‍රස්තවාදයවට එරෙහි ඇමරිකාවේ යුද්ධය රුසියාව දුර්වල කිරීමට කල් ගැනීමක්

ඇමරිකාව විසින් ක‍්‍රියාත්මක කරන ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය සිරියාව යටත් කර, ඉරාකය යළි යටත් කර ඉන් අනතුරුව න්‍යෂ්ටික රුසියාව දුර්වල කිරීම සඳහා වන පුළුල් වැඩපිළිවෙළකට කල් ගැනීමක් බව ඇමරිකානු දේශපාලන විශ්ලේෂක ඩොන් ඩෙබාර් පවසයි.

පසුගියදා ආරක්‍ෂක ලේකම් චක් හෙගල් විසින් සිදුකළ ප‍්‍රකාශයක් පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබේ.

හෙගල් පවසා ඇත්තේ ත‍්‍රස්තවාදීන් හා කැරලිකරුවන් විසින් ගෙන එනු ලබන තර්ජනයන් දිගු කාලයක් ගතවන තුරු පැවතිය හැකි නමුත් නේටෝ එළිපත්තේ ඇති සංශෝධනවාදී රුසියාවේ නූතන අවි බලය සමගද ගණුදෙනු බේරාගත යුතු බවයි.

මේ අනුව සිරියාව සහ ඉරාකය යටත් කරගන්නා තුරු මෙම ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය ක‍්‍රියාත්මක කිරීම ඇමරිකානු මිලිටරි නිලධාරීන්ගේ අරමුණ වන බව ඩොන් ඩෙබාර් පවසා තිබේ.

එමෙන්ම නේටෝවේ එළිපත්තේ රුසියාව සිටින බව පවසද්දී සැබැවින් සිදුවූයේ නේටෝවේ එළිපත්ත බටහිර යුරෝපයේ සිට නේටෝව විසින්ම රුසියාවේ එළිපත්තට ගෙන ඒම බව ඔහු දක්වා ඇත.

ඒ අනුව අප මේ වන විට බලාසිටින්නේ දිගු කාලයක් යුද්ධයේම රැඳී සිටීමට බලාපොරොත්තු වන සහ ඉන්පසුව රුසියාව සමග න්‍යෂ්ටික යුද්ධයක්ද සිදුකිරීම තතනන ආරක්‍ෂක ලේකම්වරයෙකු දෙස බව ඩෙබාර් පවසා තිබේ.

පසුගිය සති කිහිපය තුලම විවිධ හමුදා නිලධාරීන් විසින් ඉස්ලාමික රාජ්‍යයට එරෙහිව අරඹා ඇති යුද්ධයට දිගු කලක් ගතවෙනු ඇතැයි පවසා තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad