ජනාධිපතිවරණයට ප්‍රථම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට හැකියාවක් නැති බව ව්‍යවස්ථා සංශෝධන යෝජනාව රැගෙන මුලින්ම මුණ ගැසුණ අවස්ථාවේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්ව මණ්ඩලය සමග පැවති සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් දැරුවේ එම ස්ථාවරය ද කියා විමසු විට උන්වහන්සේ පැවසුවේ ඔවුන්ට සංයුක්ත අදහස් නො තිබුණු බවයි.
ජනාධිපතිවරණයට පෙර ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒවිද යන්න සැක සහිත බව පවසන පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ කෙසේ වෙතත් ඉහලම බලපෑමක් යොදවා ව්‍යවස්ථා සංශෝධනය සිදු කරවා ගැනීමට තමන් උත්සාහ දරන බව තවදුරටත් ප්‍රකාශ කළහ.
සාකච්ඡා ඉදිරියටත් පවත්වා ගෙන යාම සඳහා පක්ෂ දෙක නියෝජනය කරමින් කමිටුවක් පත් කර ගැනීම හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්ව මණ්ඩලය සමග පැවති සාකච්ඡාවේ දී වෙනත් කිසිවක් සිදු නොවූ බව අතුරලියේ රතන හිමියන් පැවසූහ.
ව්‍යවස්ථා සංශෝධන යෝජනාව පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන්ගෙන් පළවුණේ සාධනීය ප්‍රතිචාරයක් දැයි අසු ප්‍රශ්න පිළිතුරු දුන් උන්වහන්සේ පැවසුවේ ඔවුන්ට කිසිදු අදහසක් තිබුණු බවක් පෙනෙන්නට නොතිබුණු බවයි.
නමුත් මේ පිළිබඳව සාකච්ඡා පැවැත්විය යුතුයි යන නම්‍යශීලී ස්ථාවරයක ඔවුන් සිටින බව උන්වහන්සේ පැවසුවේය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ විශාල බලපෑමක් ඇති වුවහොත් ව්‍යවස්ථා සංශෝධනයක් ඇති කළ හැකිය යන විශ්වාසය පල කළ උන්වහන්සේ තවදුරටත් තෙරපීමක් ඇති කළ යුතු බව පවසති.
අපේක්ෂා කරන ව්‍යවස්ථා සංශෝධනය සිදු කර ගැනීමට නොහැකි වුවහොත් විපක්ෂය සමඟ විකල්ප දේශපාලන බලවේගයක් සකස් කර ගැනීම සිය අරමුණ බවත් පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ කියා සිටිති.
– BBC
Wednesday, October 29, 2014
ව්‍යවස්ථා සංශෝධනයක් නොකලොත් විපක්‍ෂයට එක් වෙනවා..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment