රනිල්ට බැරිනම් මා ඉල්ලනවා.. ජනාධිපති වෙන හැටි පෙන්වනවා – සජිත් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 29, 2014

රනිල්ට බැරිනම් මා ඉල්ලනවා.. ජනාධිපති වෙන හැටි පෙන්වනවා – සජිත්

එළැඹෙන ජනාධිපතිවරනයේදී එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවන බව එම පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ කොළඹ හයිඞ් පිටියේ පැවති එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද මධ්‍යස්ථාන නියෝජිත සමුළුවට අමතමිනි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් තමන්ට ඒ සඳහා තරග කරන බවද පැවසූ පේ‍්‍රමදාස මහතා 2012 වසරේ පැවැති එක්සත් ජාතික පක්ෂ  සමුළුවේදී ද මේ බව රනිල් වික්‍රමසිංහ මහතාට දැන්වූ බවද කියා සිටියේය.

පක්ෂයේ අර්බුද නිමා වී ඇති නිසා එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවීම සඳහා ජනතාව පෙළගැසිය යුතු යයිද ඔහු කිසා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad