ස්මාට්ෆෝන් ගැන දැනගන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 29, 2014

ස්මාට්ෆෝන් ගැන දැනගන්න

බොහෝ දෙනෙක් ස්මාට්ෆෝන් භාවිතා කරන්නට පෙළඹී සිටියද එය නිෂ්පාදකයා තමන් කැමති ආකාරය ලෙස සැකසූ ආකාරයට භාවිතා කරනවාට වඩා තමන් කැමති ආකාරයට සකස් කරගන්නට නොදනී.

මේ වන විට ලොව පුරා මිලියන 32ක් ජනතාව ස්මාට්ෆෝන් භාවිතා කරන අතර ජංගම දුරකථනයක සාමාන්‍ය ක‍්‍රියාකාරීත්වයෙන් එපිටට යන්නට ඒවා සමත්ව ඇත.  මේ වන විට ප‍්‍රධාන ස්මාට්ෆෝන් මෙහෙයුම් පද්ධති 3ක් වෙළඳපොළේදී හමුවන අතර ඇපල්, ඇන්ඩ්‍රොයිඞ් සහ වින්ඩෝස් එම ත‍්‍රිත්වයයි.

විචාරකයන් පවසන්නේ ගූගල් විසින් නිෂ්පාදිත ඇන්ඩ්‍රොයිඞ් මෙහෙයුම් පද්ධතිය වඩා දියුණු සහ කාර්යක්‍ෂම බවයි.  ඇපල් සමාගමද වේගයෙන් ඉදිරියට පැමිණෙමින් ඇති අතර ඔවුන්ගේ නවතම නිෂ්පාදනය වන iOS8 තුළ පෙර මාදිලි වල පැවති ගැටළු බොහොමයක් නිවැරදි කරගෙන ඇතැයි පැවසේ.

කෙසේවෙතත් එය ක‍්‍රියාත්මක වන්නේ ඇපල් අයිෆෝන් වල පමණක් වීමත් ස්මාට්ෆෝන් අතරින් එය මිල අධිකම වර්ගයක් වීමත් එහි ඇති මූලික අවාසියක් බව පැවසේ.

එමෙන්ම විචාරකයන් පවසන්නේ සිය ස්මාට්ෆෝන් දුරකථනයේ දත්ත ආරක්‍ෂා කරගැනීම සඳහා කටයුතු කිරීම අත්‍යවශ්‍ය අංගයක් බවයි.
මේ සඳහා ඇන්ඩ්‍රොයිඞ්, ඇපල් සහ වින්ඩෝස් මෙහෙයුම් පද්ධති 3ම අවශ්‍ය තරම් විකල්ප සපයා තිබේ.

මේ අතර පසුගියදා නිළියන් විශාල ප‍්‍රමාණයකගේ නිරුවත් ඡයාරූප සයිබර් සොරුන් විසින් සොරාගැනීම සමග ක්ලවුඞ් සේවාවන් පිළිබඳව සැක පහළවී ඇති නමුත් විචාරකයන් පවසන්නේ එය දත්ත ගබඩා කරගැනීමේ ක‍්‍රමයක් වශයෙන් ඉතාමත් කාර්යක්‍ෂම බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad