එදා අෂ්රොෆ්, පේ‍්‍රමදාසට කල දේ මෙදා මම කරනවා – හකීම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, October 25, 2014

එදා අෂ්රොෆ්, පේ‍්‍රමදාසට කල දේ මෙදා මම කරනවා – හකීම්

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ හිටපු නායක අභාවප්‍රාප්ත අස්රොෆ් මහතා 1988 පැවති ජනාධිපතිවරණයේදී වක‍්‍රාකාරයෙන් ආර්. ප්‍රේමදාස මහතාට සහය ලබාදුන් ලෙසටම ඉදිරි ජනාධිපතිවරණයේදීද තීරණයක් ගත යුතු යයි එම පක්‍ෂ නායක රවුෆ් හකීම් පවසයි.

ඔහු මෙසේ පවසා ඇත්තේ සමන්තුරෙයි ප5දේහයේ පැවති උත්සව සභාවක් අමතමිනි. ‘මුස්ලිම් ජනතාවට ඇති එකම ආරක්‍ෂක පළිහ මුස්ලිම් ජනතාවගේ ස්වාධින දේශපාලනයයි. එය අප ජනතාව අමතක නොකල යුතුයි. 

අපගේ පක්‍ෂය රජය තුල විපක්‍ෂයක් ලෙස කටයුතු කරමින් සිටියි. එය ජනාධිපතිවරයාට හිසරදක් නම් එහි කිසිදු වරදක් නැත. මාගේ සංවිධානයේ සදාචාරාත්මක වගකීම එය වේ. එවකට නායක අස්රොෆ් මහතා ආර්. ප්‍රේමදාස ජනාධිපති ධූරයට පත් කිරීමෙන් පසුත් විපක්‍ෂයේ කටයුතු කරන ලදි. 

නමුත් මා ජනාධිපතිවරාගේ විරුද්ධවාදියා ලෙස සිටින්නෙමි. එවැනිම තත්වයක අප සිටින්නෙමු’ යයිද හකීම් මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad