පාරිභෝගික ආරක්‍ෂණ සම්මතයන් උල්ලංඝනය කිරීමේ වරදට නයිජීරියානු රජය විසින් කොකාකෝලා නයිජීරියා සමාගමට විරුද්ධව නඩු පවරා ඇතැයි වාර්තා වේ.
අඩක් පිරවූ ස්ප‍්‍රයිට් කෑන් දෙකක් අලෙවි කිරිම පිළිබඳ පැමිණිල්ලක් මෙම චෝදනාවට මුල්ව ඇති අතර නයිජීරියානු බෝතල් සමාගමට විරුද්ධවද පාරිභෝගික ආරක්‍ෂණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනා නැගී තිබේ.
නිෂ්පාදන ක‍්‍රියාවලින් හා පාරිභෝගික ආරක්‍ෂණ ප‍්‍රතිපත්ති පිළිබඳ සිදුකළ පරීක්‍ෂණයකින් අනතුරුව එයින් ලබාදුන් නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට හිතාමතා අසමත්වීම, ප‍්‍රතික්‍ෂේප කිරීම හෝ නොතකා හැරීම මෙම සමාගම් දෙක වෙත එල්ලවූ චෝදනා වේ.
මෙයට වරදකරු වුවහොත් කොකාකෝලා නයිජීරියා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරියාට වසර 5ක සිරදඬුවමක් හිමිවනු ඇතැයි පැවසේ.
මළ බැඳුණු කෑන්, බෝතල් මූඩි සහ සිසිල් බීම වල නොයෙක් ද්‍රව්‍ය තිබීම පිළිබඳ පැමිණිලි විශාල ප‍්‍රමාණයක් කොකාකෝලා සමාගමට එරෙහිව ලැබී ඇති බව නයිජීරියානු පාරිභෝගික ආරක්‍ෂණ කවුන්සිලය විසින් පෙබරවාරි මසදී නිවේදනය කෙරුණු අතර නයිජීරියාව නුසුදුසු නිෂ්පාදන සඳහා කසල ගොඩක් නොවන බවට අනතුරු හැගවීමක්ද නිකුත් කරනු ලැබිණි.
කෙසේවෙතත් ඒ පිළිබඳ විභාග කිරීමේ කටයුතු සඳහා කොකාකෝලා හා බෝතල් සමාගම සහභාගී නොවීම පිළිබඳව රජයේ නිලධාරීන් කුපිත වී ඇතැයි වාර්තා වේ. මේ වන විටත් ලෝකයේ විශාලතම සිසිල් බීම සමාගම වන්නේ කොකාකෝලා සමාගමයි.
Wednesday, October 29, 2014
නයිජීරියානු රජය කොකාකෝලා සමාගමට විරුද්ධව නඩු මගට
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment