වත්මන් මන්ධාන ආණ්ඩුවේ දුෂණ භීෂණ කිසිත් නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී කමලා රණතුංග මහත්මිය කියයි.
මොරටුව ආසනයේ ශ‍්‍රීලනිප කාන්තා නියෝජිත සම්මේලනයට එක් වෙමින් මන්ත‍්‍රීවරිය ඒ බව ප‍්‍රකාශ කළාය.
මන්ත‍්‍රීවරිය මෙසේ ද පැවසුවාය.
‘දැන් එක්සත් ජාතික පක්ෂයේ අය ආණ්ඩුවේ දුෂණ භීෂණ ගැන කතා කරනවා. අපේ ආණ්ඩුවේ දුෂණත් නැහැ. භීෂණත් නැහැ. එදා දොර වහපන් කියන කොට මිනිස්සු දොර වහන්න ඕනෙ. කඩ වහපන් කියන කොට කඩ වහන්න ඕනෙ. අද එහෙම වාතාවරණයක් නැහැ. මිනිස්සුන්ට තුන් වේල කාල සතුටින් ජීවත් වෙන්න පුළුවන් කාලයක් දැන් උදා වෙලා තියෙනවා.
දැන් ඕන පක්ෂයකට ඕනැම තැනක රැස්වීම් තියන්න පුළුවන්. ඒත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලයේ අපි රැස්වීම් තියෙන කොට එයාලා අපේ රැස්වීම් වලට බෝම්බ ගැහුවා. අද ඕන කෙනෙක්ට කොටුව දුම්රිය පොළ ළඟ හෝ රටේ ඕන තැනක උද්ඝෝෂණ තියන්න පුළුවන්. ඕනම කෙනෙකුට තම මතය ඉදිරිපත් කරන්න නිදහස තියෙනවා. අපට ඕනෙ මේ රට දියුණු කරලා ජනතාවට හැමදාමත් සහනයක් සලසන්නයි’
lanka C news
No comments:
Post a Comment