රුසියාවට හා චීනයට න්‍යෂ්ටික යුද්ධයකදී ඇමරිකාව පැරදවිය හැකියි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 9, 2014

රුසියාවට හා චීනයට න්‍යෂ්ටික යුද්ධයකදී ඇමරිකාව පැරදවිය හැකියි

http://ift.tt/eA8V8J

රුසියාවට හා චීනයට න්‍යෂ්ටික යුද්ධයකදී ඇමරිකාව පරාජය කිරීමේ හැකියාව ඇතැයි ඇමරිකානු දේශපාලන විචාරක මහාචාර්ය ජේම්ස් හෙන්රි ෆෙට්සර් පවසා තිබේ.

ඔහු පවසා ඇත්තේ මැදපෙරදිග සහ නැගෙනහිර යුරෝපය තුළ ඇමරිකාව සහ බටහිර විසින් සිය ආධිපත්‍යය පැතිරවීමේ උත්සහයන්හිදී රුසියාව හා චීනය පසුබා නොසිටින බව පෙන්වීම ඇමරිකාවේ අවධානයට ලක්විය යුතු බවයි.

ඉරානය සතුව න්‍යෂ්ටික අවි නොමැති බව දැන දැනමත් ඒ දෙස ඉලක්ක කරමින් රුසියාව වටා මිසයිල නාශක පද්ධතියක් ස්ථාපනය කළ ඇමරිකාව විසින් යුක්රේනය සිට පාලනයට නතු කරගන්නා ලැබුවේ යුක්රේනයේ පාලනය අහිමි රුසියාවක් ජාත්‍යන්තරව කඩාවැටෙනු ඇති බවට වූ බ්‍රෙෂින්ස්කිගේ දාම්පෙත න්‍යායට අනුව බවද ඔහු පවසා තිබේ.

සිරියාවට ඇමරිකාව විසින් බෝම්බ ප‍්‍රහාර එල්ල කරන්නේ ත‍්‍රස්තවාදී ඉලක්ක වලට බව ප‍්‍රකාශ කෙරුණද ධාන්‍යාගාර සහ තෙල් පිරිපහදු වලට පහරදෙමින් සිරියානු යටිතල පහසුකම් පද්ධතිය විනාශ කිරීමේ දෙබිඩි සහ දුෂ්ට මෙහෙයුමක ඇමරිකාව යෙදෙමින් ඇති බව ෆෙට්සර්ගේ අදහසයි.

මෙවැනි තත්වයකදී රුසියාව සහ චීනයට සිය මිලිටරි බලය දැක්වීමට සම්පූර්ණ අයිතිය ඇති බව සඳහන් කරන මහාචාර්යවරයා අවධාරණය කර ඇත්තේ එවැනි යුද්ධයකින් තමන්, තම දරු පවුල් ඇතුළු මිලියන සියගණනක් මිනිසුන් මිය යා හැකි බව ඇමරිකාවේ සිහියට පැමිණිය යුතු බවයි.

එහෙයින් මේ වන විට ඇමරිකාව ගෙනයන ගමන වහා නැවතිය යුතු බව ෆෙට්සර් දක්වා ඇත.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad