මේ උත්සාහ කරන්නේ ඔවුන් කවුරුන් ද යන්න ඔබට හඳුන්වා දීමට ය.යූසුෆ් පතාන් ඉන්දියාවේ ජනප්‍රියම ක්‍රීකට් ක්‍රීඩකයෙකි. ඔහුගේ දළ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 3.5 කි.
ඕස්ට්‍රේලියාවේ හොඳ ම නායකයා ලෙස සැළකෙන රිකී පොන්ටිං ද මෙම ධනවත් ම කීඩකයෝ අතර සිටී. ඔහුගේ දළ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 04 කි.
පන්දු යැවීමෙන් දක්ෂකම් දක්වන ක්‍රීඩකයෙක්වන බ්‍රෙට් ලී ද ඉතා ජනප්‍රිය ක්‍රීඩා තරුවක්වන අතර ඔහුගේ දළ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 05 කි.මයිකල් ක්ලාක් යනු ඔස්ට්‍රේලියවේ තවත් නායකයෙක්වන අතර ඔහුගේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 05 කි. ඔස්ට්‍රේලියාවේ ධනවත් ම ක්‍රීඩකයාවන ශේන් වොට්සන්ගේ දළ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 06 කි.
ඉන්දියාවේ පළමුවෙන් පන්දුවට පහරදෙන ක්‍රීඩක විරෙන්ද්‍ර සේවාග් ෆෝබ්ස් 2014 වාර්තාවට අනුව දළ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 07 ක් උපයන බව වර්තා වේ.අයිපීඑල්හි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකත්වය දරණ ගෞතම් ගාම්බීර් අමෙරිකානු ඩොලර් මිලියන 08 උපයයි.
ඉන්දියාවේ නැගී එන තරුණ තරුවක්වන විරාට් කෝලි මේ වනවිට අමෙරිකනු ඩොලර් මිලියන 12 ක මුදලක් උපයන බව වර්තා වේ.එසේ ම ලෝකප්‍රකට සචින් ටෙන්ඩුල්කා ආදායම අමෙරිකනු ඩොලර් මිලියන 22 ක්වන අතර මහෙන්ද්‍ර සින් දෝනිගේ ආදායම අමෙරිකනු ඩොලර් මිලියන 31.5 කි.


No comments:
Post a Comment