නිකාබ් මුහුණු ආවරණයක් පැළඳි මුස්ලිම් ජාතික කාන්තාවක් ඉදිරියේ ඔපෙරා කණ්ඩායමක ශිල්පීන් පිරිසක් සිය රංගයන් ඉදිරිපත්කිරිම ප‍්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් ඇයට නෘත්‍ය ශාලාවෙන් පිටත්ව යාමට සිදුවූ පුවතක් ප‍්‍රංශයෙන් වාර්තා වේ.
පැරිසියේ බැස්ටීල් ඔපෙරාවේ ලා ට‍්‍රැවියාටා නාට්‍යය රගදක්වමින් තිබූ අවස්ථාවේදී මෙය සිදුවී තිබේ. නිකාබය හැඳි කාන්තාව හා ඇයගේ සහකරුවා ඔපෙරාවේ මෙහෙයවන්නාගේ පසුපසින් ඉදිරි පෙළ අසුන්ගෙන ඇති අතර ඔවුන් ගල්ෆ් රටකින් ආ සංචාරකයින් දෙදෙනෙකු බව පැවසේ.
ඔවුන් ලබාගෙන ඇති අසුන් නෘත්‍ය ශාලාවේ මිල අධිකම අසුන් වන අතර එක් අසුනක මිල ඩොලර් 294ක් පමණ වේ. නිකාබ් ආවරණය මගින් මුස්ලිම් කාන්තාවකගේ ඇස් හැර මුළු මුහුණම වසා දමනු ලබන අතර ප‍්‍රංශය තුළ ප‍්‍රසිද්ධ ස්ථානවල එය පැළඳීම තහනම් කර තිබේ.
අදාළ කාන්තාව නෘත්‍යාගාරයට ඇතුළු වන අවස්ථාවේදී කිසිවකුගේ අවධානයට ලක්නොවුවත් නාට්‍යය මැද දෙවන රංගයේදී එය ඔපෙරා කණ්ඩායම් සාමාජිකයෙකුගේ නෙත ගැටී ඇත.
මුහුණ නොපෙනෙන පේ‍්‍රක්‍ෂකයකු ඉදිරියේ ඔපෙරාව ඉදිරිපත් කිරීම කණ්ඩායම විසින් ප‍්‍රතික්‍ෂේප කිරිම නිසා නීතියට අනුව මුහුණු ආවරණය ඉවත් කරන ලෙස හෝ ශාලාවෙන් ඉවත්ව යන ලෙස ඉල්ලා සිටීමට සිදුවූ බව බැස්ටීල් ඔපෙරාවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ෂෝන් පිලිප් තීයෙලේ පවසා තිබේ.
කිසිදු චෝදනා කිරිමකින් තොරව පේ‍්‍රක්‍ෂකයින් දෙදෙනා ශාලාවෙන් ඉවත්ව ගිය බව වාර්තා වේ.
Wednesday, October 29, 2014
නිකාබය හැඳි මුස්ලිම් කාන්තාව ඉදිරියේ ඔපෙරා ගයන්න බෑලූ
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment