ඊශ‍්‍රායලය විවේචනය කිරීම ඇමරිකාවේ කෝපය පිටකිරීමක් පමණයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 9, 2014

ඊශ‍්‍රායලය විවේචනය කිරීම ඇමරිකාවේ කෝපය පිටකිරීමක් පමණයි

http://ift.tt/eA8V8J

ඇමරිකානු රජය විසින් ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විවේචනය කිරීම හුදු කෝපය පිටකිරීමක් පමණක් බව දේශපාලන විචාරක බ‍්‍රයන් බෙකර් පවසයි.

පලස්තීනයට අයත් ප‍්‍රදේශ තුළ නව නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීම පිළිබඳව ඇමරිකාව සිය අප‍්‍රසාදය පළ කර ඇති අතර මෙවැනි ක‍්‍රියාවන් මගින් ඊශ‍්‍රායලය සිය සමීපතම මිතුරන් පවා දුරස් කරගන්නා බව ඇමරිකාව පවසා තිබේ.

මෙම විවේචනය ඇමරිකානු වටිනාකම් වලට එරෙහි බව පවසා ඇති ඊශ‍්‍රායල අගමැති නෙතන්යාහු පවසා ඇත්තේ එය සාමය වෙනුවෙන් යහපත් පෙරනිමිත්තක් නොවන බවයි.

වොෂින්ටනය විසින් කළ අප‍්‍රසාදය පළ කිරීම වෙත බෙන්ජමින් නෙතන්යාහුගේ ප‍්‍රතිචාරයද යලිත් වරක් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජොෂ් අර්නස්ට් විසින් හෙළා දැක ඇතැයි පැවසේ. කෙසේවෙතත් ආන්සර් සන්ධානයේ ප‍්‍රධානි බ‍්‍රයන් බෙකර් පවසන්නේ මෙම හෙළා දැකීම ඊශ‍්‍රායලයේ ප‍්‍රමුඛතම විදෙස් මිතුරා වන ඇමරිකාවේ කෝපය පළ කිරීමක් පමණක් බවයි.

ඇමරිකානු මිලිටරි ආධාර ලැබෙන අන් කිසිදු රාජ්‍යයකට වඩා වැඩියෙන් වසරකට ඩොලර් බිලියන 4ක් ඇමරිකාව විසින් ඊශ‍්‍රායලයට ලබාදේ.

මෙලෙස කෝපය පළ කළද එය ඇමරිකානු ප‍්‍රතිපත්තිමය වෙනසක් සනිටුහන් නොකරන බවත් ඊශ‍්‍රායලයේ දේශීය සහ විදේශීය ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නැංවෙන්නේ ඇමරිකානු සහය මත බව නෙතන්යාහු රජය විසින් වටහා නොගැනීම හෝ ප‍්‍රමාණවත් පරිදි ප‍්‍රසිද්ධියේ පිළිනොගැනීම මෙම කෝපයට මුල බවත් බෙකර්ගේ අදහසයි.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad