මවුපියන්ගේ හෝ වෙනත් වැඩිහිටියෙකුගේ රැකවරණයක් නොමැතිව මාතලේ, නාඋල, කඩවත, ඇලගමුව ප්‍රදේශයේ පැල්පතක ජීවත් වන එම්. පී. ජී. චාමර අජිත් ප්‍රියන්ත අබේසිංහ හා එම්. පී. ජී. චාමල් අරුණ අබේසිංහ දරුවන් දෙදෙනා වෙනුවෙන් ‘‘ජනසෙවණ” ජාතික නිවාස වැඩසටහන යටතේ නව නිවසක් ඉදිකරදීම සඳහා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉදිරිපත්වෙයි. නිවස ඉදිකිරීම සඳහා නිවාස ආධාර ප්‍රදානය කිරීම සෙත්සිරිපාය, බත්තරමුල්ලේ පිහිටි නිවාස අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණ.
නාවුල නගරයට ඉතා නුදුරින් පිහිටි යෝජිත විරු ගම්මානයක් වන බෝවතැන්න ඉඩමෙන් පර්චස් 15 ක ඉඩමක් නොමිලේ ලබාදී එම ඉඩමේ අංග සම්පූර්ණ නව නිවසක් ඉදිකර දීම සඳහා රුපියල් 550,000 (රුපියල් පන් ලක්ෂ පනස් දහසක) මූල්‍ය ආධාර මෙහිදී අමාත්‍යවරයා අතින් ප්‍රදානය කෙරිණ.
මෙම අවස්ථාවේදී විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රකාශකර සිටියේ රුපියල් 550,000 නිවාස ආධාර මුදලට අමතරව අනෙකුත් ත්‍යාගශීලී ප්‍රජාවගේ මූල්‍ය දායකත්වයත් ලබාගෙන, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීම මත අංග සම්පූර්ණව නිවස කඩිනමින් ඉදිකර මෙම දරුවන් දෙදෙනාට භාරදීමට කටයුතු කරන ලෙසයි.
මෙම දරුවන් දෙදෙනාගේ මව කුඩා කාලයේ දී ම මියගොස් ඇති අතර, පියා කොළඹ කුලී රැකියාවක නිරත වේ. කුඩා කාලයේ සිට මෙම දරුවන් දෙදෙනා රැකබලාගත්තේ අත්තම්මා විසිනි. ඇය අසනීප වී දැනට සිටින්නේ රෝද පුටුවේය. තනිවම පැල්පතක ජීවත්වන මෙම සොහොයුරන් දෙදෙනා ජීවිතය ගෙවන්නේ දුෂ්කරතා රැසක් මධ්‍යයේය. ඔවුන්ගේ ආහාර පාන ඔවුන් විසින්ම පිළියෙල කරගන්නා අතර අධ්‍යාපන කටයුතුවලට හා ජීවත්වීමට අවශ්‍ය මුදල් උපයා ගන්නේ පාසල් නිවාඩු දිනයන්වල කුලී වැඩ සඳහා අත්උදව් සපයා දීමෙණි.
මෙම දරුවන් දෙදෙනා දැනට ජීවත්වන නිවස ඉතා ජරාජීර්ණ තත්ත්වයට පත්ව තිබේ. ජීවත්වීමට සුදුසු කිසිඳු පහසුකමක් නැති මෙම පැල්පත ඉටිකොළ, කාඩ්බෝඩ් ආදී ද්‍රව්‍ය යොදාගෙන මොවුන් දෙදෙනා විසින්ම සකස් කරගනෙ තිබේ. වැසි දිනවලදී නිවසේ වාසය කිරීමට නොහැකි නිසා එවන් අවස්ථාවල වාසය කිරීම සඳහා වෙනත් ස්ථාන සොයාගෙන යාමට ඔවුන්ට සිදුව ඇත.
මෙම දරුවන් දෙදෙනා නාඋල, කඩවත, ඇලගමුව මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන අතර වැඩිමහල් සොහොයුරා වන චාමර උසස් පෙළ විභාගයට සුදානම් වෙමින් සිටී. බාල සොහොයුරා වන චාමල් සාමාන්‍ය පෙළ විභාගයට මෙම වසරේ දී පෙනී සිටීමට නියමිතයි. මෙම දරුවන් දෙදෙනා අධ්‍යාපන කටයුතු හා අනෙකුත් විෂය බාහිර කටයුතු සඳහා ද ඉතා උනන්දුවක් හා දක්ෂතාවයක් දක්වන බව එම විදුහලේ විදුහල්පති පී.බී. තිලකරත්න මහතා පවසයි.
මෙම දරුවන් දෙදෙනාට නිවස ඉදිකරදීම සඳහා පර්චස් 15 ක බෝවතැන්න ගම්මානයේ පිහිටි නාවුල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ඉඩම නාවුල ප්‍රාදේශීය ලේකම් නිශාන්ත කරුණාතිලක මහතාගේ මැදිහත්වීම මත නොමිලේ ලබාදී තිබේ.
“ මහින්ද චින්තන ඉදිරි දැක්ම ” අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන “ ජනසෙවණ ” ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුම යටතේ මෙම නිවස ඉදිකෙරේ. විවිධ ගැටලු නිසා ඉතා අසරණ තත්ත්වයට පත්ව සිටින පවුල් වෙනුවෙන් නිවාස ඉදිකරදීම “ ජනසෙවණ ” ජාතික නිවාස වැඩසටහන ක්‍රියාත්මක වන එක් අංගයකි. ඒ අනුව කිසිවෙකුගේ රැකවරණය නොමැතිව ජීවත්වන මෙම දරුවන් දෙදෙනාට අංග සම්පූර්ණ නව නිවස ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීම මත ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබේ. ඒ සඳහා නාඋල, කඩවත, ඇලගමුව මහා විද්‍යාලයේ ගුරුවරුන් හා දරු දැරියන්ගේ උපරිම සහයෝගය ලබාදෙන බව එම විද්‍යාලයේ විදුහල්පති පී.බී. තිලකරත්න මහතා ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ එම්.පී.ජී. චාමර අජිත් ප්‍රියන්ත වැඩිමහල් දරුවා “ මගේ තාත්තා කොළඹ අත් උදව්කරුවෙක් විදිහට වැඩ කරනවා. අපේ අම්මා පොඩි කාලෙදීම පිච්චිලා නැතිවුණා. දැන් මමයි මල්ලියි ඉන්නේ. මම කලා අංශයෙන් උසස් පෙළ අධ්‍යපානය ලබමින් සිටිනවා. මල්ලි මෙවර සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙනවා. අපිට පාසල් යන්න, ඉන්න තැනක් නැහැ. පාඩම් කරන්න තැනක් තිබුණෙත් නැහැ. තාත්තා අමාරුවෙන් උපයාගෙන එවන මුදල් අපට වියදමට ප්‍රමාණවත් නැහැ. ඊට අමතරව මල්ලියි මමයි කුලී වැඩවලට අත්උදව් ලබාදීලා සල්ලි හොයාගන්නවා. අපි පොඩියට පැළක් හදාගෙන එතන ඉදගෙන පාසල් යන්නේ. වැස්ස දවස්වලට පැල්පතේ ඉන්න බැරි නිසා ඒ දවස්වලට ඉන්න වෙනත් තැන්වලට යනවා. අපි ඉතා අමාරුවෙන් දුක්විඳගෙන ජීවත් වුණේ. අද විමල් වීරවංශ ඇමතිතුමා අපේ දුක දැකලා අපිට ගෙයක් හදලා දෙන්න පොරොන්දු වුණා. අපි ජීවත්වුණු හැටියට අපිට ගෙයක් ලැබෙනවා කියන්නේ කියාගන්න බැරි සතුටක්. මේ පිළිබඳව ඇමතිතුමාටත්, අපට සහයෝගය ලබාදුන් සියලුම දෙනාටත් ස්තූතිය පුදකරනවා ” යනුවෙන් ද පැවසීය.
– Con. Media
lanka C news
No comments:
Post a Comment