වචනයෙන් කිවනොහැකි දහසක් දේ එක් ඡායාරූපයකින් කිව හැකි බව ඔබ අසා ඇති.
පසුගියදා මේ ජනප්‍රිය ගායකයා තම සහචරයන් සමග පැරීසියේ කළ සංචාරයක් අතරතුර පැපරාසි ඡායාරූප ශිල්පියෙකු සමග ඇතිකරගත් හබයක් නිසා අන්තර්ජාල වෙබ් අඩවි තුළ ඔහු පිළිබඳව නැවතත් ආන්දෝලනාත්මක කතාබහක් ඇති වී තිබෙනවා.
පසුගියදා ඊර්ඛ පුවත් සේවය පැරීසියේ දී බිබර් විසින් පැපරාසි ඡායාරූප ශිල්පියෙකුට පහර දෙන අන්දම දැක්වෙන ඡායාරූපයක් අන්තර්ජාලයට යොමුකර තිබුණා. එහි පැහැදිලිවම බිබර් පහර දෙන අන්දම පිළිබිඹු වෙන බව එම වෙබ් අඩවිය පවසනවා.
මේ උද්දච්ච ගායන ශිල්පියා තම අත ඔසවමින් පහර දෙන විට පැපරාසි ඡායාරූප ශිල්පියා එම පහර වදිමින් පසුබසින ආකාරය එහි සටහන්ව
තිබුණ බව ඊර්ඛ වැඩිදුරටත් පවසා තිබුණා. ඒ වගේම මෙය බිබර්ගේම ඡායාරූප බවට ඔවුන් එකහෙලාම පවසනවා.
මෙම සිදුවීමට මුල්වූ ආසන්නම සිද්ධිය වන්නේ ජස්ටින් බිබර් තම පිරිවර සමග රාත්‍රී ආහාරය ගැනීම සඳහා ඔවුන් සිටි හෝටල වෙත පැමිණ තිබූ මොහොතේ ඡායාරූප ශිල්පීන් පිරිසක් මොවුන් කණ්ඩායම පසුපස දිව විත් තිබිමයි. එම අවස්ථාවේදී සිදුවූ සිදුවීම පැහැදිලි නැතත් බිබර් එක් පැපරාසියෙකුට අතින් පහරදෙන ආකාරය නම් දැක ගැනීමට පුළුවන්.
මෙය බිබර්ගේ ප්‍රථම පහරදීම නම් නොවේ. මීට පෙරත් ඔහු ඡායාරූප ශිල්පීන් සමග ගැටුම් ඇතිකරගෙන තිබෙනවා. ඒ වගේම බොහෝ අවස්ථාවන් හිදී බිබර්ගේ ආරක්ෂකයින්ද මාධ්‍යවේදීන්ටද කරදර හිරිහැර කිරීම නිතර දෙවේලේම සිදුවන සිදුවීමක් බවට පත්වෙලා. 2012 වසරේදීත් බිබර් මෙලෙසම ඡායාරූප ශිල්පියෙකු සමග හබයක පැටලී තිබුණා.
මෙය දුටු බිබර් පසුව ගැටුම පිළිබඳ ට්විටර් වබේ අඩවියට අදහස් දක්වමින් කියා තිබුණේ “අපිට හොඳ පාඩමක් ඉගෙන ගන්න ලැබුණා. ඩයනා කුමරියගේ මරණය නිසා . මම පැපරාසින් සමග තරහා නැහැ. නමුත් ඔවුන් සෑම විටම අපව අපහසුතාවට පත්කිරීම නම් මට අනුමත කරන්න බැහැ. ඔවුන්ගේ මේ වැඩ නිසා අපේ ජීවිත අනතුරේ වැටෙනවා” යනුවෙනුයි.
Monday, October 20, 2014

උද්දච්ච ගායන ශිල්පි ජස්ටින් බිබර්ගෙන් පැපරාසියෙකුට ප්‍රහාරයක්
Tags
# එතෙර පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment