රජයේ මුදල් මූණට වියදම් කළ අමාත්‍යවරිය ගෙදර යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 20, 2014

රජයේ මුදල් මූණට වියදම් කළ අමාත්‍යවරිය ගෙදර යයි

දේශපාලන කටයුතු සඳහා වැය කිරීමට ලබා දී ඇති මූල්‍යමය පරිත්‍යාග සිය රූපලාවන්‍ය කටයුතු සඳහා වියදම් කර ඇති බවට චෝදනා එල්ලවීමත් සමග ජපානයේ කර්මාන්ත කටයුතු අමාත්‍යවරිය වන යුකෝ ඔබුචි  සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ඇය එම පරිත්‍යාග දේශපාලනික නොවන කටයුතු සඳහා වියදම් කර ඇති බවට වාර්තාවක් මගින් චෝදනා එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 

ඇය අමාත්‍යවරියක ලෙස කටයුතු කළ කාලය තුළදී මිලියන 10කට වැඩි මුදලක් දේශපාලනයට අදාළ නොවන කටයුතු සඳහා වැය කර ඇති බව අදාළ වාර්තාවේ සඳහන් වේ.

යුකෝ ඔබුචි මෙවැනි චෝදනාවක් එල්ල වූ ජපානයේ ප්‍රථම කාන්තා අමාත්‍යවරිය වේ.

No comments:

Post a Comment

Post Bottom Ad