ඕස්ටේ‍්‍රලියාවේ බුර්කාව තහනම් කිරීමට යෝජනාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 30, 2014

ඕස්ටේ‍්‍රලියාවේ බුර්කාව තහනම් කිරීමට යෝජනාවක්

ඔස්ටේ‍්‍රලියාව තුළ ප‍්‍රසිද්ධියේ සියලූ ආකාරවල ඉස්ලාමික මුහුණු ආවරණ පැළඳීම තහනම් කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත්වී ඇතැයි වාර්තා වේ.

ආන්දෝලනාත්මක ඔස්ටේ‍්‍රලියානු මන්ත‍්‍රීවරියක් වන ජැකී ලැම්බි විසින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවට අනුව නිකාබය පැළඳීම සඳහා කුඩා දරුවකුට බලපෑම් කිරීම වසරක සිර දඬුවමකට ලක්කළ හැකි වරදක් වනු ඇති අතර ඒ සඳහා  ඕස්ටේ‍්‍රලියානු ඩොලර් 68000ක දඩයක් නියම කර තිබේ.

බලපෑම එල්ල වන්නේ වැඩිහිටියකුට නම් සයමසක සිරදඬුවමක් සමග ඩොලර් 34000ක දඩ මුදලක් පැණවිය යුතු බව ඇයගේ යෝජනාවයි.
පාමර් යුනයිටඞ් පක්‍ෂයේ තස්මේනියා ප‍්‍රාන්ත මන්ත‍්‍රීවරිය වන ලැම්බී පවසා ඇත්තේ පොලිසිය විසින් මාර්ග නීති කඩකිරීම පිළිබඳ නීති පියවර ගන්නා ආකාරයට සමාන ලෙස සරලව ඉස්ලාමික මුහුණු ආවරණ සඳහාද පියවර ගත යුතු බවයි.

2011දී ප‍්‍රංශය විසින් සම්පූර්ණ මුහුණු ආවරණ සඳහා පැණවූ තහනම උපුටා දක්වා ඇති ඇය මෙය ආරක්‍ෂාව සඳහා අත්‍යවශ්‍ය පියවරක් බවද පවසා තිබේ.

බෙල්ජියම හා තුර්කියද මෙම ප‍්‍රශ්නය ජයගෙන ඇති අතර  ඕස්ටේ‍්‍රලියාවට මෙය කළ නොහැකි නම් එයට සතුරන් සිනාසෙනු ඇති බව ජැකි ලැම්බීගේ අදහසයි.

මේ හා සමාන නීතියක් මගින් ආගමික නිදහස පිළිබඳ  ඕස්ටේ‍්‍රලියානු ජාතික ප‍්‍රඥප්තියේ 116වන වගන්තිය උල්ලංඝනය වන බව මින් පෙර ව්‍යවස්ථා නීතිඥවරුන් පවසා තිබිණි.

නමුත් කුරානයේ බුර්කා ආවරණ පිලිබඳ දක්වා නොමැති හෙයින් එය තහනම් කිරීම ආගම හා සම්බන්ධ නොවන බව ඇය පවසා ඇතැයි වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad