http://ift.tt/eA8V8J
ඉස්ලාමික රාජ්‍ය ත‍්‍රස්ත සංවිධානය වෙතින් එල්ල වන තර්ජනයක් ගැන පවසමින් ඇමරිකානු නිලධාරීන් විසින් ජාත්‍යන්තර ප‍්‍රජාව මුළා කරමින් ඇතැයි හිටපු සී.අයි.ඒ කොන්ත‍්‍රාත්කරුවකු වන ස්ටීවන් කෙලී පවසා තිබේ.
ඔහු පවසා ඇත්තේ අයිසිස් හෙවත් ඉස්ලාමික රාජ්‍යය යනු ඇමරිකාව සිය මිතුරන්ගේ සහයෝගයෙන් ගොඩනැගූවක් බවයි. ඉස්ලාමික රාජ්‍යය සමග වසර 30ක සටනකට ඇමරිකාව සූදානම් විය යුතු බවට හිටපු ආරක්‍ෂක ලේකම් ලියොන් පැනෙටා විසින් කළ ප‍්‍රකාශය පිළිබඳ අදහස් දක්වමින් කෙලී මේ බව පවසා ඇත.
ත‍්‍රස්තවාදයට එරෙහිව පසුගිය වසර 3 තුළ ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා ගත් පියවරයන් විවේචනය කරමින් පැනෙටා පවසා ඇත්තේ අන්තවාදයට එරෙහි සටන ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාමික රාජ්‍ය තර්ජනයට ඔබ්බෙන් නයිජීරියාව, සෝමාලියාව, යේමනය, ලිබියාව සහ වෙනත් රටවල වර්ධනය වෙමින් පවතින ත‍්‍රස්තවාදී තර්ජනයන් මැඩපැවැත්වීම සඳහාද ඇමරිකාව සූදානම් විය යුතු බව හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ අදහසයි.
ඉරාකය තුළ ස්ථිර ඇමරිකානු හමුදා ඛණ්ඩයක් රැඳවීම සඳහා ඉරාක රජය එකග කරවාගැනීමට අසමත්වීමද ඔහුගේ විවේචනයට ලක්ව තිබේ. පැනෙටා පවසා ඇත්තේ එමගින් ත‍්‍රස්තවාදය දළු ලා වැඞීමට අවශ්‍ය අවකාශය නිර්මාණය කෙරුණු බවයි.
පැනෙටාගේ ප‍්‍රකාශය පසුපස ඇත්තේ බෂාර් අසාද් පාලනය පෙරළා දැමීමට අවශ්‍ය කාලය සහ අප‍්‍රිකාව ආක‍්‍රමණය කිරීමේ ආශාව බව ස්ටීවන් කෙලී පවසා තිබේ. මෙම තත්වයට එරෙහිව ලෝක ප‍්‍රජාව නැගී සිටිය යුතු බව ඔහුගේ යෝජනාවයි.
lanka C news
Thursday, October 9, 2014
ඉස්ලාමික රාජ්‍ය තර්ජනය ගැන ඇමරිකාවේ කථාවට රැවටුණා ඇති
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment