ගණිකාවක් මාව කොල්ලන්ට දෙන්න ගෙනියන්න හදනවා යෑයි දැරියක් කළුතර නගර මධ්‍යයේදී පසුගියදා විලාප තබන්නට වූවාය.
15 හැවිරිදි දැරියගේ විලාපය ඇසී නගරයේ සිටි අය කාන්තාව අල්ලාගත් අතර ඇය කියා සිටියේ මේ මගේ දුව ඇය කොල්ලෙක් එක්‌ක යන්න හදනවා. මං නරක ගෑනියෙක් නොවෙයි මගේ කුසෙන් වැදූ දුව මේ ඉන්නේ යෑයි කඳුළු සලන්නට වූවාය.
මේ මව හා දියණිය කළුතර ළමා හා කාන්තා කාර්යාංශය භාරයට භාරදුන් අතර පොලිස් පරීක්‍ෂිකා පතිරණ මහත්මිය මවගෙන් තොරතුරු විමසුවාය.
මේ මාගේ ලොකු දුව දුවට බාල දරුවන් දෙන්නෙක් ඉන්නවා. ලොකු දුව හැදුනේ සැමියාගේ අයියා ළඟ අපේ ගම වැලිගම. දුව බැලීමට පාසලක ඉගෙනුම ලබනවා. අද හොරණ අම්මලාගේ ගෙදර යන්න අපි වැලිගම සිට කෝච්චියෙන් ආවා.
කළුතරදී දුව ඇයගේ පෙම්වතා ගෙන්වාගෙන තිබෙනවා. ඇයට ඕනෑ ඔහු සමඟ යන්නයි. ඒකට මම ඉඩ නුදුන් නිසා මාව ගණිකාවක් කළා යෑයි ඇය කඳුළු සලන්නට වූවාය.
30 හැවිරිදි මව විසින් සිය දියණියට කළුතරදී පහරවල් කීපයක් ගසා ඇතැයි ද එහිදී ඇය සිය මවගෙන් බේරී තරුණයා සමඟ යැමට අවශ්‍යයි කියා ඇය ගණිකාවක් බව සඳහන් කරමින් විලාප තබා ඇතැයි ද පොලිසිය පවසයි.
Wednesday, October 29, 2014
පෙම්වතාත් සමඟ පැන යන්න නොදුන්නැයි මව "ගණිකාවක්" කල දුවෙක්
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment