දන්න කියන කෙනෙක්.. මෙන්න කරන දෙයක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 29, 2014

දන්න කියන කෙනෙක්.. මෙන්න කරන දෙයක්..

මාලඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ ඉදිකෙරුණු නව ඇවිදීමේ මංතීරුව හා ශාරීරික සුවතා මධස්ථානය ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඊයේ (28) දින ජනතා අයිතියට පත්කෙරුණි.

කඩුවෙල ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සභාපති, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදුපහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ඉල්ලීම පරිදි රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන කටයුතු අමාත්‍යංශය යටතේ ඇති ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකර තිබේ. 

ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 50 කි. චන්ද්‍රිකා කුමාරතුංග මාර්ගයට සමාන්තරව ඉදි වූ මෙම ඇවිදීමේ මංතීරුවේ දිග කිලෝමීටර් 2.4ක් වන අතර පළල මීටර් 4කි.

විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් ශරීර සුවතා මධස්ථානය ඉදිකර ඇත්තේ ප්‍රජා සත්කාරක සේවාවක් වශයෙනි. 

ඒ සඳහා වැයවී ඇති මුදල රුපියල් ලක්ෂ 68 කි. ඇවිදීමේ  මංතීරුව ඉදිකිරීමට අමතරව ඒ අවට පරිසරය අලංකාරවත් ලෙස නිර්මාණය කිරීමද ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් සිදුකර ඇත.

ඇවිදීමේ මංතීරුව අසල වල්බිහිවී තිබෙන ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කර අලංකාරවත් කිරීම, රාත්‍රි කාලයේදීද ඇවිදීම සඳහා සූර්ය බලශක්තිය සහිත වීදි ලාම්පු යෙදීම,ඇවිදීමේ මංතීරුව දෙපස අලංකාරවත්  ලෙස ගස් සිටුවීම ආදී පරිසර අලංකරණ කටයුතුද, මේ යටතේ සිදුකර තිබේ.


NMD_0471 NMD_0490 NMD_0529 NMD_0648

– Con. media

No comments:

Post a Comment

Post Bottom Ad