යාල් දේවිය යාපනේ ගියත් දුම්රිය ස්ථානාධිපතිලා විරෝධය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 14, 2014

යාල් දේවිය යාපනේ ගියත් දුම්රිය ස්ථානාධිපතිලා විරෝධය

ඊයේ දිනයේ විවෘත කරන ලද උතුරු දුම්රිය මාර්ගයේ පුලියන්කුලම දුම්රිය ස්ථානයේ සිට යාපනය දක්වා දුම්රිය ස්ථානවල මූලික පහසුකම් නොමැති බවත්, එම මූලික පහසුකම් නොමැතිව දුම්රිය ස්ථානාධිපතිවරුන්ට රාජකාරි කිරීමට සිදු වී ඇති බවත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

මෙම දුම්රිය ස්ථානවල රාජකාරියේ යෙදෙන දුම්රිය ස්ථානාධිපතිවරුන්ට නිල නිවාස පවා නොමැති බවත්, එයට අමතරව ජලය, විදුලිය, වැසිකිළි පහසුකම් ද නොමැති අතර, ඇතැම් දුම්රිය ස්ථානවල දුම්රිය වේදිකා සඳහා විදුලිය නොමැති බව ද දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති පියල් විජේසිරි මහතා පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් තම සංගමය ප‍්‍රවාහන අමාත්‍යංශයේ හා දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන්ට කාලයක සිට ඉල්ලීම් කළ ද එම පහසුකම් ලබා දීමට බලධාරීන් මෙතෙක් පියවර ගෙන නැතැයි ද පවසන සභාපතිවරයා, දුම්රිය ස්ථානවල පහසුකම් ඉටු නොකිරීම පිළිබඳව විරෝධය දක්වන බව ද කීය.

No comments:

Post a Comment

Post Bottom Ad