සිය පෙම්වතිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි දකුණු අප්‍රිකානු ආබාධිත ක්‍රීඩක ඔස්කා පිස්ටෝරියස් අදාල මනුෂ්‍ය ඝාතනයට වැරදිකරුවන බව පසුගිය මාසයේ දී අධිකරණය විසින් ප්‍රකාශයට පත් කළේ ය.
රීවා ස්ටින්කෑම්ප් නමැති ඔහුගේ පෙම්වතියට 2013 වසරේ ආදරවන්තයින්ගේ දිනයේ දී වෙඩි තබා ඝාතනය කළ බවට ඔස්කා පි‍්‍රස්ටෝරියස්ට චෝදනා එල්ල වී ඇත.
දඬුවම නියම කිරීම සම්බන්ධයෙන් වූ පරීක්ෂණය ඊයේ (13) පැවති අතර පිස්ටොරියස් සිය පෙම්වතියව ඝාතනය කිරීම සම්න්බන්ධයෙන් සැබෑ ලෙස ම පසුතැවිලිවන බව ඔහුගේ මනෝ චිකිත්සකවරිය සඳහන් කර තිබේ.
ඝාතනයෙන් අනතුරුව පැවති පළමු මනෝ චිකිත්සාවන් කිහිපයේ දී ඔහු සැනසීම කළ නොහැක්කක් වූ බව ද ඇය පවසා ඇතැයි වාර්තා වේ. ඔහුගේ දුක සහ පසුතැවිල්ල සැබෑ බව තහවුරු කිරීමට හැකි බව ද ඇය අධිකරණය හමුවේ පෙන්වා දී තිබේ.
පිස්ටෝරියස් සාපරාධී මනුෂ්‍ය ඝාතනයට වරදකරුවන බව අධිකරණය තීන්දු කර ඇති බැවින් ඔහු වසර 15 ක සිර දඬුවමකට යටත් කිරීමේ අධිකරණ බලයක් පැවතිය ද ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතීඥ කණ්ඩායම සූදානම්වන්නේ ඔහුගේ අබාධිත තත්ත්වය හේතුවෙන් එරට සිර මැදිරි ඔහුට ජීවත්වීමට සුදුසු නොබන බව පෙන්වා දීමටයි.
Tuesday, October 14, 2014
පිස්ටෝරියස් පසුතැවෙයි
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment