පළමුවරට උතුරට තණ තිල්ලක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 29, 2014

පළමුවරට උතුරට තණ තිල්ලක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යාපනයේ ශාන්ත පැට්රික් විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ ඉදිකරන ලද තණ තිල්ල විවෘත කිරීම සඳහා ක්‍රිකට් තරගයක් හිටපු ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර ඇත.

සනත් ජයසූරිය, හෂාන් තිලකරත්න, ප්‍රමෝධ්‍ය වික්‍රමසිංහ සහ උපුල් චන්දන වැනි හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් ඊට සහභාගී වීමට නියමිතය.

අනාගතයේදී ජාතික කණ්ඩායමට පිවිසීමට අපේකෂා කරන උතුරේ සහ නැගෙනහිර පළාතේ ක්‍රීඩකයන්ට සිය දක්ෂතා පෙන්වීමට මෙය විශිෂ්ට අවස්ථාවක් වනු ඇත.

– News.lk

No comments:

Post a Comment

Post Bottom Ad