නොවැම්බර් මසදී පැවැත්වෙන් ඇමරිකානු මධ්‍යවාර මැතිවරණයේදී තමන් කිසිදාක නොඇසූ සෙනෙට් සභික අපේක්‍ෂකයකුට සහය දෙන ලෙස ඩිමොක‍්‍රටික් පාක්‍ෂිකයින්ගෙන් ඉල්ලා සිටීමේ පුවතක් වාර්තා වේ.
ඇමරිකානු ජනාධිපති ආර්යාව මහජන නියෝජිතයකු නොවුවද නූතන ඇමරිකානු දේශපාලන සම්ප‍්‍රදායට අනුව ඇයට ප‍්‍රසිද්ධ උත්සව ගණනාවකදී ජනතාව ඇමතීමට සිදුවේ.
සෙනෙට් අපේක්‍ෂක බොබ් බ්‍රේලි වෙත සහය පළ කරමින් අයෝවාහි ඩ්‍රේක් විශ්වවිද්‍යාලයේදී පැවති රැළියක ප‍්‍රධාන ආරාධිතයා ලෙස මිෂෙල් ඔබාමා සහභාගී වූ අවස්ථාවේදී ඇය මෙම ඇබැද්දියට මුහුණ දී ඇත.
සිය කථාව පුරා ඇය අවස්ථා 7කදී බ්‍රේලි වෙනුවට බේලි ලෙස භාවිතා කර ඇති අතර පේ‍්‍රක්‍ෂකයන් විසින් හඬනගා නැවත එය නිවැරදි කර තිබේ. සිය වරද යහපත් ආකාරයකට භාරගනිමින් මිෂෙල් ඔබාමා පවසා ඇත්තේ තමන් දැන් වියපත්ව ඇති බවයි.
නමුත් තමන් කරන්නේ කුමක්දැයි තමන් දන්නා බවද ඇය පවසා තිබේ. මේ අතර බොබ් බ්‍රේලි යනු හිටපු මැරීන් භටයෙකු ලෙස ඔබාමා ආර්යාව විසින් වැරදියට හඳුන්වා දී ඇති අතර සැබැවින්ම ඔහු හිටපු මැරීන් භටයෙකුගේ පුත‍්‍රයෙකි.
කොන්සර්වේටිව් මාධ්‍ය විසින් ජනාධිපති ආර්යාවගේ පටලැවිල්ලේ වීඩියෝ දසුන් පවා පළ කර ඇති අතර සී.එන්.එන් පුවත්සේවය පවසා ඇත්තේ මිෂෙල් ඔබාමා අපේක්‍ෂකයකු වෙනුවෙන් සහය පළ කිරීමට ගියහොත් තමන් ඉදිරියේ ඇති නාම පුවරුව දෙස අවධානයෙන් බැලීමට පුරුදු විය යුතු බවයි.
Tuesday, October 14, 2014
මිෂෙල් ඔබාමා එකම නම හත්වරක් වරද්දයි
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment