උතුරු දුම්රිය මාර්ගය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විවෘත කිරීමෙන් පසු දිනපතා දුම්රිය පහක් යාපනය දක්වා ධාවනය කිරීම පිලිබදව ජනතාව සතුටට පත්වුවත් කොටුව දුම්රිය ස්ථානයෙන් අලුයම 05.45ට මෙතෙක්කල් ධාවනය වු යාල්දේවී දුම්රියේ වෙලාව වෙනස්වීම නිසා මගීන් විශාල පිරිසක් දැඩි අපහසු තාවයන් ට පත්වී ඇත.
මන්දයත් ඊයේ (14) දිනයේ යාල්දේවී දුම්රිය ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹා එම දුම්රිය කොටුව දුම්රිය ස්ථානයට ළගාවුයේ පෙරවරු 07.15 ටය.
ඒ වෙලාවට යාල්දේවි දුම්රිය කොටුව දුම්රිය ස්ථානයෙන් ධාවනය කිරීමේදී එහි ගමන් කිරීමට පැමිණි පාසල් ළමුන් , පොල්ගහවෙල, කුරුණෑගල යන ප්‍රදේශවල කාර්යාල සඳහා ගමන් කරන මගීන් රුසකට ගමන් කිරීමට නොහැකි වී ඇතැයි ද මගීහු පැවසුහ.
ඊට හේතුවුයේ වෙනදා ධාවනය වන යාල් දේවී දුම්රිය වෙනුවට ඊයේ දිනයේ එම වේලාවට නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ධාවනය කිරීමය.
එම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පසු අනුරාධපුරය දුම්රිය ස්ථානයේ නතර කිරීමය. අදාළ සිද්ධිය පිලිබඳව කොටුව දුම්රිය ස්ථානයේ ජේෂ්ඨ නිලධාරියකුගෙන් විමසු විට යාල්දේවී දුම්රියේ විශාල මගීන් පිරිසක් වෙනදාට ගමන් කළද ඊයේ දිනයේ මගීන් විශාල පිරිසක් ගමන් නොකළ බවයි.
යාල් දේවී දුම්රිය ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් අළුයම 05.10 ට ගමන් අරඹා වෙනදා මෙන් කොටුව දුම්රිය ස්ථානයෙන් අලුයම 05.45 ට හෝ 05.50 ට ධාවනය කිරීමට දුම්රිය බලධාරීන් පියවර ගන්නේ නම් පාසල් දරුවනට හා කාර්යාල සේවක සේවිකාවන්ට විශාල සහනයක් අත්වන බව මගීහු පැවසුහ.
නිමල් රාජපක්ෂ
Tuesday, October 14, 2014
යාල්දේවීගේ වෙලාවේ වෙනසට දුම්රිය මගීන්ගේ දැඩි නොසතුට
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment