සහෝදරයන් දෙදෙනෙකු අතර සිදුවූ බහින් බස්වීමක් දුරදිග යෑමෙන් මල්ලී විසින් පොරොවකින් පහරදීම නිසා අයියා මියගොස් තිබෙනවා.
මෙසේ ඝාතනය කර ඇත්තේ ගිනිගත්හේන රංජුරාව, මැඩිල්ල හත්ලා ප‍්‍රදේශයේ පදිංචි එස්. සෙනෙවිරත්න නම් 35හැවිරිදි අයෙකි.
දෙදෙනාම විවාහකයන් බවත් ඊයේ (06) රාත‍්‍රී 7ට පමණ නිවසේ කිසිවෙකු නොසිටි අවස්ථාවේ අයියා මලෝ දෙදෙනා අතර ඇති වූ
ගැටුමකින් අනතුරුව මල්ලි විසින් අයියාගේ හිසට පොරොවකින් පහරදී ඝාතනය කර ඇති බව ගිනිගත්හේන පොලීසිය සැකකරයි.
ගිනිගත්හේන පොලිසියට ලැබුණු දුරකථන ඇමතුමක් අනුව එම නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී තුවාල සහිතව අධික බීමතින් සිටි මල්ලීද මියගිය සහෝදරයාගේ සිරුර සොයා ගැනීමට උදවු වී තිබේ.
මියගිය අයගේ සිරුර නිවස ඉදිරිපිට තිබු බවත් මෙම ඝාතනයට සැකපිට තුවාල සහිතවඅධික බීමතින් සිටි මල්ලීව අත් අඩංගුවට ගෙන පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව පිට ගිනිගත්හේන රෝහලේ ප‍්‍රතිකාර ලබන බව ගිනිගත්හේන පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා දැනට ප‍්‍රදේශයේ අපරාධ රැසකට සම්බන්ධ බව පවසන පොලිසිය මෙම ඝාතනය ඉඩම් ආරාවුලක් මත සිදුවී ඇති බව සැක කරයි. මෙම ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් පරීක්ෂණය අද (07) සිදුකිරීමට නියමිත අතර මියගිය අයගේ සිරුර මේ වන විට ගිනිගත්හේන රෝහලේ තැන්පත් කර තිබේ.
Tuesday, October 7, 2014
මල්ලීගේ එක පොරෝ පහරින් අයියා කම්බස් කල ෆොටෝ මෙන්න.
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)




.jpg)


No comments:
Post a Comment