චීනය ඇන්ටාක්ටිකාවේ ගුවන් පථයක් ඉදිකිරීමට සැසෙන බව වාර්තා වේ.
බෙයිජිං ඊවිනින් නිවුස් වාර්තා කර ඇත්තේ මෙම ගුවන් පථය නැගෙනහිර ඇන්ටාක්ටිකාවේ ප‍්‍රිඞ්ස් බොක්කේ ලාර්ස්මන් කඳුවැටි ප‍්‍රදේශයේ පිහිටා ඇති ඇන්ටාක්ටික් සොන්ග්ෂෑන් මධ්‍යස්ථානය අසල ඉදිකරනු ඇති බවයි.
යෝජිත ගුවන් පථය චීනය සතුව ඇන්ටාක්ටිකාවේ ඇති මධ්‍යස්ථාන 4 සඳහා සහයදීමට නියමිතව තිබේ.
ඇන්ටාක්ටිකාවේ ගවේෂකයන්ට මුහුදු මාර්ගයෙන් ගමනාගමනය කරන්නට සිදුවී තිබීම විද්‍යාත්මක පර්යේෂණයන් සීමාවීමට ප‍්‍රධාන හේතුවක් බව එම වාර්තාවේ දක්වා ඇත.
චීනයේ ෂූ ලොන් හෙවත් හිම මකරා හිමකඩන නෞකාව ඇන්ටාක්ටික් ගවේෂණයක් සඳහා ෂැංහයි වරායෙන් පිටත්ව යනු ඇතැයි පැවසේ.
කෙසේවෙතත් ගුවන් පථයේ ධාරිතාව හෝ දිග ප‍්‍රමාණය පිළිබඳව තොරතුරු අනාවරණය වී නොමැත.
අපේ‍්‍රල් මසදී හිම මකරා නෞකාව චීනය විසින් ඇන්ටාක්ටිකාවේ සිදුකළ 30වන ගවේෂණය සම්පූර්ණ කළ අතර චීනය ඇන්ටාක්ටිකා ගවේෂණයේ 30 වන වසර සම්පූර්ණ කිරීමද විශේෂත්වයකි.
ඇන්ටාක්ටිකාව දේශපාලනිකව ස්වාධීන භූමියක් වන අතර එහි රජයක් නොමැත.
කෙසේවෙතත් විවිධ රාජ්‍යයන් එහි විවිධ ප‍්‍රදේශයන්හි අයිතිය ප‍්‍රකාශයට පත්කර ඇති අතර එය එකී රාජ්‍යයන් විසින් අන්‍යෙන්‍යව පිළිගෙන තිබුණද ලෝක මට්ටමෙන් පිළිගෙන නොමැති බව වාර්තා වේ.
Wednesday, October 29, 2014
චීනය ඇන්ටාක්ටිකාවේ ගුවන් පථයක් ඉදිකිරීමට සැරසේ
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment