http://ift.tt/eA8V8J
ලෝකයේ දැවැන්තම ආර්ථිකය ලෙසින් මෙතෙක් කලක් වැජඹුණු ඇමරිකාව වසර 142 කට පසුව පරාජය කරමින් ලොව අංක එකේ ආර්ථිකය බවට ශ්‍රී ලංකාව සමග ඉතා සමීපව කටයුතු කරන චීනය පත්ව තිබේ.
මේ බව අනාවරණය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ 1872 දී ඇමරිකාව විසින් බ්‍රිතාන්‍යය ආර්ථිකය පරාජයට පත්කරමින් ලෝකයේ ප්‍රබලම ආර්ථිකය ඇති රට බවට පත්වූ බවයි.
මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත්කර තිබෙන ක්‍රය ශක්තියට (purchasing power parity (PPPs)) අදාළ නවතම දත්ත වලට අනුව චීනයේ දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 17.6 ක් වන අතර ඇමරිකානු ආර්ථිකයේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 17.4 කි.
කෙසේවෙතත්, මෙයට ප්‍රතිවිරුද්ධව අදහස් දක්වා තිබෙන ආර්ථික විශ්ලේෂකයින් පවසා තිබෙන්නේ ඒක පුද්ගල ආදායම ගත්විට ඇමරිකාව තවමත් චීනයට වඩා ඉහළින් සිටින බවයි.
චීනය විසින් පසුගිය කාලයේදී ඉතාමත් වේගවත් කාර්මීකරණයක් තුළින් සිය ආර්ථිකය නංවාගත් අතර 2019 වනවිට චීන ආර්ථිකයේ වටිනාකම ඇමරිකානු ආර්ථිකයට වඩා සියයට 20 කින් පමණ ඉහළ යනු ඇති බවට මූල්‍ය අරමුදල් පුරෝතනය කර තිබේ.
පෙර පුරෝකතන වලට අනුව ඇමරිකානු ආර්ථිකය චීනයට දෙවැනි වනු ඇතැයි කියා තිබුණේ 2019 වසරේදීයි. නමුත්, හිතුවාටත් වඩා වේගයෙන් චීන ආර්ථිකය ඉදිරියට පැමිණි නිසා, ආර්ථික විද්‍යාඥයින් ප්‍රකාශ කර තිබෙන්නේ මේ වසරේදී ඇමරිකානු සියවස අවසන් වී නැවතත් චීනයේ සියවස ඇරඹුණු බවයි.
ශ්‍රී ලංකාව සහ චීනය අතර මේ වනවිට ආර්ථික සම්බන්ධතාවයන් වර්ධනය වෙමින් තිබෙන අතර මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ප්‍රමාණය අනුව තුන්වන ස්ථානයේ සිටින්නේ චීන සංචාරකයින්ය.
ශ්‍රී ලංකාව චීනය සමග නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමටද සූදානම් වේ.
adaderanabiz.lk
lanka C news
Thursday, October 9, 2014
ඇමරිකානු ආර්ථික රන් දෙවොල ඉවරයි. ප්‍රබලම අකුණ වදී
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment