මියගිය තරුණයා වේයන්ගොඩ වටැද්දර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර පවුලේ වැඩිමහල් දරුවාය. මියගිය සිසුවා කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ 11 වසරේ ඉගනුම ලබන පාසල් සිසුවියක සමඟ වසර දෙකකට පෙර සිට අන්තර්ජාලයේ ෆේස් බුක් ගිණුම හරහා ප්‍රේම සම්බන්දයක් ඇති කරගෙන ඇත.
ෆේස් බුක් සමාජ ජාලය හරහා ඇති කරගත් දෙවසරක ප්‍රේමය අතරතුර සිසුවිය තරුණයාගේ ප්‍රේමය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇති වූ වියෝවෙන් සියදිවි හානි කරගෙන තිබේ. තරුණයා ප්‍රේමයේ විරහවෙන් දින කීපයක සිට පසු වූ බවත් ඒ හේතුව මත තම ජීවිතය නැති කරගන්නට ඇතැයි මියගිය තරුණයාගේ ඥාති සහෝදරයකු පැවැසීය.
තරුණයාගේ වියෝවත් සමඟ වටැද්දර ගම්මානයම කම්පාවට පත්ව ඇති අතර සියදිවි නසා ගැනීම පිළිබඳව නිට්ටඹුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
No comments:
Post a Comment