මරණීය දණ්ඩනය ඉවත් කරන්නැයි පාප්තුමා ඉල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, October 25, 2014

මරණීය දණ්ඩනය ඉවත් කරන්නැයි පාප්තුමා ඉල්ලයි

අපරාධකරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීම නවතන්නැයි ශුද්ධවූ ෆ‍්‍රැන්සිස් පාප්තුමන් විසින් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

පාප්තුමන්ගේ මෙම ප‍්‍රකාශය මරණ දඬුවම පිළිබඳව කතෝලික පල්ලිය මෙතෙක් දැරූ ස්ථාවරය ශක්තිමත් කිරීමක් ලෙස සැලකේ.

ඔහු මේ බව පවසා ඇත්තේ අපරාධ නීතිය පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ සැසිවාරයක් අමතමිනි.  මේ අතර සියලූ රටවල සිරගෙවල් වල තත්වය ඉහළ නැංවිය යුතු බවද ෆ‍්‍රැන්සිස් පාප්වරයාගේ අදහස වී තිබේ.

රහසිගත සිරකඳවුරුවල වධබන්ධනයට ලක්කිරීම වහා නැවතිය යුතු බව පවසා ඇති ඔහු අවධාරණය කර ඇත්තේ මිනිස් ගෞරවය අනෙක් සියල්ලට වඩා ඉහළින් තැබීමේ ප‍්‍රතිපත්තිය ජාත්‍යන්තර ප‍්‍රජාව විසින් ස්ථිරසාර ලෙස පිළිගත යුතු බවයි.

ජීවිතාන්තය දක්වා සිරදඬුවම සැගවුණු මරණ දණ්ඩනයක් ලෙසද පාප්වරයා විසින් හඳුන්වා ඇති බව පැවසේ.

කතෝලික පල්ලිය මරණීය දණ්ඩනයට එරෙහි මතයක් දැරුවද ඇමරිකානු ජනතාව අතරින් 63%ක ප‍්‍රමාණයක් මරණ දඬුවම අනුමත කරන බව වාර්තා වේ.

එය පසුගිය වසරේ වාර්තාවූ අගයට වඩා 3%ක වර්ධනයක් වන අතර 2013 වසරේ වාර්තාවූ 60%ක ප‍්‍රමාණය 1972න් පසු වාර්තාවූ අවම අගය වීම විශේෂත්වයකි.

දරුවන් ඇතුළු පුද්ගලයන් නිවැරදි කිරීමේ ක‍්‍රමවේදයක් ලෙස සිරදඬුවම් පැණවීම පලක් නොවන බව ෆ‍්‍රැන්සිස් පාප්තුමන්ගේ අදහසයි.  එය විවිධ රෝගවලට එකම බෙහෙත ලබාදීමට සමාන බව ඔහු පවසා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad