මෙරට පැවති යුධ සමයේ අතුරුදන් වූවන් පිළිබඳව ඉහළ හා පහළ ආරක්ෂක අංශ නිළධාරීන්ගෙන් පැමිණිලි පන්දහසක් ලැබී ඇති බව අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශණය කිරීමේ ජනාධිපති කොමිසමේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතා පවසයි.
ඊට අදාළ සාක්ෂි සටහන් කර ගැනීමේ කටයුතු ඉදිරි දින වලදී ආරම්භ කිරීමට නියමිත බව ද මැක්ස්වෙල් පරණගම මහතා සඳහන් කළේය.
පළමු වටයේ සිදු කළ විමර්ශණ වලට අදාළ පැමිණිලි 14,471 ක් ලැබී තිබුණු බව ද මැක්ස්වෙල් පරණගම මහතා කීය.
lanka C news
No comments:
Post a Comment