ලෝක ජනාවාස දින ජාතික සමුළුව 06 වෙනිදා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, October 4, 2014

ලෝක ජනාවාස දින ජාතික සමුළුව 06 වෙනිදා

http://ift.tt/eA8V8J

ඔක්තෝම්බර් 06 වෙනිදාට යෙදෙන “ 2014 – ලෝක ජනාවාස දින ජාතික සමුළුව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 06 වන සඳුදා පෙ.ව. 9.00 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම (හැබිටාඩ්) සංවිධානය විසින් ප්‍රකාශයට පක්තර ඇති පරිදි සෑම වසරකම ඔක්තෝම්බර් මස ප්‍රථම සඳු දින (මේ වර්ෂයේදී ඔක්තෝම්බර් 06 වන සඳු දින ) ලෝක ජනාවාස දිනය ලෙස වෙන් කර ඇත. ඒ අනුව 1986 වර්ෂයේ සිට ලෝක ජනාවාස දිනය සැමරීම සිදුකරයි.

මෙවර ලෝක ජනාවාස දින තේමාව “ Voices From Slums ”යන්නයි. ‘‘නාගරික  පැල්පත් හා මුඩුක්කු ආශ්‍රිතව ජීවත්වන නගරයට හිමිකම් කියන බහුතර ජනතාව වෙනුවෙන් හඬක්” යන්න මින් අදහස් කෙරේ. මෙම තේමාව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි, දේශීය නිවාස හා ජනාවාස වැඩසටහනට ගැළපෙන අයුරින් “ ජනාවාස හඬක් – ජනසෙවණින් හෙටක් ” යනුවෙන් ප්‍රතිනිර්මාණය කරගෙන තිබේ.

මෙදින ලෝක ජනාවාස දින ජාතික සමුළුවේ ප්‍රධාන අංගය වන්නේ ශ්‍රී ලාංකික නිවාස සංවර්ධන ක්‍රියාවලියේ දීර්ඝකාලීන අවශ්‍යතාවයක් ලෙසින් පැවති ජාතික නිවාස ප්‍රතිපත්තිය අතිගරු ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමයි. එමෙන්ම මෙවර ජනාවාස දිනය නිමිත්තෙන් ක්‍රියාත්මක වූ විවිධ සංවර්ධන කාර්යන් හා එහි අනාගත ක්‍රියාපිළිවෙත පෙන්නුම් කෙරෙන ජනාවාස දින කොළඹ ප්‍රකාශනය එළිදැක්වීම ද, ජනාවාස දින සමරු කලාපය ප්‍රකාශයට පත්කිරීම ද මෙහිදී සිදුකෙරේ.

– con. Media



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad