HSBC බි‍්‍රතාන්‍යයේ පැරණිම ඉස්ලාම් දේවස්ථානයක බැංකු ගිණුම අත්හිටුවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 26, 2014

HSBC බි‍්‍රතාන්‍යයේ පැරණිම ඉස්ලාම් දේවස්ථානයක බැංකු ගිණුම අත්හිටුවයි

http://ift.tt/eA8V8J

බි‍්‍රතාන්‍යයේ ක‍්‍රියාත්මක පැරණිම ඉස්ලාමික දේවස්ථානයක් වන ෆින්ස්බරි පාක් දේවස්ථානයේ බැංකු ගිණුම හොංකොං සහ ෂැංහයි බැංකු සමාගම විසින් අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

සැප්තැම්බර් 22වනදා මෙම ගිණුම අත්හිටුවන බවට HSBC බැංකුව ජුලි මසදී ලිපියක් මගින් දේවස්ථාන බලධාරීන්ට දැනුම් දුන් බව පැවසේ.

බැංකුව පවසා ඇත්තේ තමන්ගේ අවදානම් සීමාව ඉක්මවන හෙයින් ෆින්ස්බරි පාක් දේවස්ථාන ගිණුම වසා දැමීමට තීරණය කළ බවයි.

කෙසේවෙතත් මෙය ඉස්ලාම් භීතිකාව මත සිදුකළ අසාධාරණ ක‍්‍රියාවක් බව දේවස්ථාන බලධාරීන් විසින් පවසා තිබේ.

ඔවුන් පවසා ඇත්තේ මෙය විදෙස් ආධාර නොලැබෙන දේවස්ථානයේ කටයුතු පවත්වාගැනීම සඳහා ක‍්‍රියාත්මකව පැවති බැංකු ගිණුමක් බවයි.

HSBC බැංකුව විසින් පවසන අවදානම තමන් දරන ණය වැනි දෙයක් නිසා ඇතිවූ අවදානමක් නොවන බව ෆින්ස්බරි පාක් දේවස්ථානයේ අදහසයි.

මේ අතර තමන් වෙනත් බැංකුවක ගිණුමක් ආරම්භ කළ බවත් එහි තොරතුරු හෙළි නොකරන බවත් දේවස්ථාන සභාපති මොහොමඞ් කොස්බාර් පවසා ඇත.

HSBC විසින් පසුගිය ජුලි මස පැවති සම්මුඛ සාකච්ඡවකදී පවසා ඇත්තේ එය තම වාණිජ තීන්දු තීරණ සඳහා ජාති හෝ ආගමික පදනම් නොසලකන බවයි.

නමුත් ෆින්ස්බරි පාක් දේවස්ථාන ගිණුම වසා දැමීම පිළිබඳව අදහස් දැක්වීමෙන් ඔවුන් වැළකී සිටි බවද වාර්තා වේ.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad