ඇතුලත් ගිනි.. පිටත් ගිනි.. මේ දුවන්නේ සන්ධාන ආණ්ඩුවේ අන්තිම කලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 26, 2014

ඇතුලත් ගිනි.. පිටත් ගිනි.. මේ දුවන්නේ සන්ධාන ආණ්ඩුවේ අන්තිම කලේ

http://ift.tt/eA8V8J

සන්ධාන ආණ්ඩුව මේ ගත කරන්නේ අවසාන කාලය බවත් දැන් ආණ්ඩුවේ ඇතුළත් ගිනි පිටතත් ගිනි අරගෙන ඇති බවත් දකුණු පළාත් සභා විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක බන්දුලාල් බණ්ඩාරගොඩ (එ.ජා.ප.) මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ ගාල්ලේ දී පැවති ගෘහණි කාන්තා වැඩසටහනක් සදහා සහභාගී වෙමිනි.

ඔහිදී ඔහු මෙසේද කීය.

‘ආණ්ඩුවේ මැතිඇමතිවරුන් එළිපිට බැනගන්නවා. සන්ධානයේ ප‍්‍රාදේශීය දේශපාලඥයින්ද එහෙමයි. ඒ අයත් එළිපිට ගහගන්නවා. පසුගිය දකුණු පළාත් සභා රැස්වීමකදී වැඩිකාලයක් ගත කළෙත් ඇමතිවරයෙකුයි පළාත් සභා මන්ත‍්‍රීවරයෙකුයි. තමන්ගේ වැට මායිම් වැනි පුද්ගලික ප‍්‍රශ්න මුල්කර ගෙන එකිනෙකට දොස් පවරා ගන්නවා. දකුණේ ජනතාව මේ අය පත්කළේ පළාත් සභාවට තමන්ගේ ගෙවල්වල ප‍්‍රශ්න කතා කරන්න නොවේ. පළාත් පාලනයට නමුත් අද වෙන්නේ ඒකයි.

දැන් විපක්ෂයේ අපට වෙලා තියෙන්නේ මේ අයගේ රණ්ඩු බේරන්න. ජනතාව වෙනුවෙන් කතා කරන්න ජනතාවගේ ප‍්‍රශ්න කතා කරන්න තියෙන්නේ කාලය තමයි මේ අය විනාශ කරන්නේ. මොවුන් ජනතාවගේ ප‍්‍රශ්න වලට මූලිකත්වය දෙන්නේ නැහැ. තමන්ගේ සුඛවිහරණය හා වරප‍්‍රසාද වලට විතරයි මුල්තැන දෙන්නේ. ජනතාවට දරාගන්න බැරි විදියට බඩු මිල වැඩිවෙලා. ජනතාවට ජීවත් වෙන්න විදියක් නැහැ. දකුණේ රෝහල්වල බෙහෙත් නෑ. රට පුරාමත් එහෙමයි නිදහස් සෞඛ්‍ය සේවාවන් ගැන මහ ලොකුවට කතා කළාට’



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad