ඩිල්ෂාන් පොලු තියලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 26, 2014

ඩිල්ෂාන් පොලු තියලා

හිටපු ක‍්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ පෙර විවාහයේ දරුවා වෙනුවෙන් නඩත්තු නොගෙවීම සම්බන්ධයෙන් වූ නඩුව ලබන ඔක්තෝබර් 09 වැනි දා විභාගයට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඔහුගේ පෙර විවාහයේ දරුවා වෙනුවෙන් වසර 03 ක කාලයක් ජීවිත රක්ෂණ වාරික නොගෙවීම හා මාසික ව ගෙවන රුපියල් 20,000 ක නඩත්තු නොගෙවීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇත.

එම නඩුව ඊයේ (25) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 04 ශාලාවේ දී කැඳ වූ අවස්ථාවේ දී මෙම නියෝගය කර තිබේ.

අදාල නඩුවේ විත්තිකරු බවට පත් ව සිටින ඩිල්ෂාන් ඊයේ (25) අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහුට මීළඟ අවස්ථාවේ දී එසේ නොකරන ලෙසට අවවාද කරන්නැයි මහේස්ත්‍රාත්වරයා නීතීඥයින්ට නියෝග කළේ ය.

කෙසේවවු ද මීට පෙර ඔහුට අධිකරණය විසින් ලබා දී ඇති රට වෙනුවෙන් ක්‍රීඩා කරන අවස්ථාවල අධිකරණයේ පෙනී නොසිටීමේ සහනය යොදාගනිමින් ඔහු ඊයේ අධිකරණයට පැමිණ නොසිටියේ ය.

කෙසේවුව ද ඊයේ රට වෙනුවෙන් තරගයක් සඳහා ක්‍රීඩා නොකරන බැවින් අධිකරණයට පැමිණිය හැකි නිසා මේ නියෝගය කළේ ය. මේ අතර ඩිල්ෂාන් සිව්වැනි වරට ද ඊයේ සිය නීතීඥයා වෙනස් කර තිබේ.

ඔහුගේ අලුත් නීතීඥයින් මේ නඩුවට සූදානම්වීමට තවත් දින ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එය ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ ඉකුත් වාරයේ දී නඩුවට සූදානම්වීමට මස 03 ක කාලයක් ඩිල්ෂාන්ට ලබාදුන් බවත් එබැවින් මීළඟ වාරයේ සිට නඩුව විභාගයට ගන්නා බවයි.

අදාල නීතීඥයින් මේ නඩුව ඇසීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නැතැයි ද අධිකරණයට දැන් වූ අතර එහි දී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ මේ නඩුව වසරකට පමණ ආසන්න කාලයක් මෙම අධිකරණයේ කැඳවා ඇති බැවින් මෙවැනි තර්ක මේ වනවිට ගෙනඒම නිශ්ඵල බවයි.

ඩිල්ෂාන්ගේ දරුවා වෙනුවෙන් ඩිල්ෂාන් පළමු විවාහයේ බිරියවන නිලංකා විතානගේ මෙම නඩුව පවරා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad