සතුන් මරන්න ඕනෑ මෘදු ලෙස වේදනාව නොදැනෙන ලෙසයි.. – ජමිතුල් උලමා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 26, 2014

සතුන් මරන්න ඕනෑ මෘදු ලෙස වේදනාව නොදැනෙන ලෙසයි.. – ජමිතුල් උලමා

http://ift.tt/eA8V8J

ඉස්ලාම් ආගමානුකූල උල්හියියා ක්‍රියාව සතුන්ට මෘදු ලෙස සිදු කල යුතු යයි ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය පවසයි.

එහිදී සතුන්ට කිසිවිටෙක හිරිහැර නොවන අයුරින් කටයුතු කළ යුතු බව පවසන එම සංවිධානයේ මහලේකම් අප්ෂෙක් එම්.එම්.ඒ. මුබාරක් මහතා පවසන්නේ සතුන් මරා පාර දිගේ ඇදගෙනයාම, ලේ වැගිරෙන ආකාරයෙන් එල්ලා තැබීම, සත්ත්ව ලේ කාණු දිගේ ගලායෑමට සැලැස්වීම ආදී වශයෙන්, සත්ත්ව ඝාතනයට අකැමැති ජන කොටස්වලට හිරිහැර වන ආකාරයෙන් ඉස්ලාම් ධර්මයේ උල්හියියා ක්‍රියාව සිදුනොකළ යුතු බවයි.

මහා පරිමාණයෙන් සතුන් ඝාතනය කරමින්, මහමග ප්‍රදර්ශනය කිරීමත්, ලේ වැගිරෙන ආකාරයෙන් මස්කඩවල ප්‍රදර්ශනය කිරීමත්, පිළිකුල ඇතිවන ආකාරයෙන් සතුන් මරා මාවත් දිගේ ඇදගෙන යාමත්, මග දෙපස කාණු දිගේ එම සතුන්ගේ ලේ ගලායාමට සැලැස්වීමත් ඉස්ලාම් දහමට අයත් නැතැයිද පවසන මුබාරක් මහතා උල්හියියාව නම් ක්‍රියාව සඳහා කැපකරන සතුන් පමණක් හැර වෙනත් සතුන් මරණයට පත්කිරීම සම්බන්ධව ඉස්ලාම් ධර්මය විරුද්ධ බවද පෙන්වා දෙයි.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad