ඇපල් සමාගම විසින් නිකුත් කළ මෙහෙයුම් මෘදුකාංග යාවත්කාලීන කිරීමකින් එහි නවතම ජංගම දුරකථන මාදිලි අකර්මණ්‍ය වී ඇතැයි වාර්තා වේ.
iOS 8.0.1 නම් අප්ඬේටය මගින් ඇපල් අයිෆෝන් 6 සහ 6 ප්ලස් මාදිලි වල සංඥා නැතිවී ගොස් ඇති අතර දත්ත සහ ටච් අයිඞී පහසුකම් අක‍්‍රියවී ඇතැයි පාරිභෝගිකයන් පැමිණිලි කර තිබේ.
මෙම යාන්ත‍්‍රික දෝෂය ඇපල් ජංගම දුරකථන වල අයිෆෝන් 5C, 5S හෝ ඉන් පෙර මාදිලි සඳහා බලපෑමක් නොමැති බව පැවසේ.
යාවත්කාලීන කිරීම ආපසු හැරවීම සඳහා ඇපල් සමාගම විසින් උපදෙස් මාලාවක් නිකුත් කර ඇති අතර ඇතිවූ ගැටළුකාරී තත්වය විසඳමින් iOS 8.0.2 යාවත්කාලීන කිරීම හැකි ඉක්මනින් නිකුත් කිරීමට දිවා රාත‍්‍රී වෙහෙසෙන බවද එම සමාගම විසින් නිවේදනය කර තිබේ.
මෙය අයිෆෝන් 4 සහ ඇන්ටනාගේට් දුරකථන මාදිලි ගැටළුවෙන් පසු ඇපල් සමාගමේ නිෂ්පාදනයක් හේතුවෙන් ඇතිවූ විශාලතම අර්බුදය ලෙස සැලකේ.
2012 වසරේදී අයිෆෝන් 4 දුරකථනය වෙළඳපොළට නිකුත් කිරීමෙන් පසුව එහි වම් පස පහළ දාරයෙන් ඇල්ලූ විට සංඥා විසන්ධි වන බවට පාරිභෝගිකයින් විසින් පැමිණිලි කරන ලදී.
පසුව එම දුරකථනය සඳහා විශේෂ ආවරණයක් නොමිලේ බෙදාහැරීමට සමාගම විසින් කටයුතු කරනු ලැබිණි.
මේ අතර අයිෆෝන් 6 ප්ලස් දුරකථනය කලිසමේ පසුපස සාක්කුවක පැය කිහිපයක් තබාගත හොත් එය නැවෙන හා ඇකිළී යන බවටද චෝදනා එල්ල වී ඇතැයි වාර්තා වේ.
lanka C news
No comments:
Post a Comment