මීළඟට පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා තම සංවිධානයේ මූලාකත්වයෙන් ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා සම්බන්ධයෙන් වන මූලික ප‍්‍රතිපත්ති සම්බන්ධව තවමත් තීරණයක් ගෙන නැති බව කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝ පවසති.
‘පොදු අපේක්ෂකයෙකු සම්බන්ධ තවම තීරණයක් ගෙන නෑ. කුමන හෝ දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයා පහත සඳහන් ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරනවා නම් ඔහුට හෝ ඇයට සහයෝගය දැක්වීමට කැමතියි’
විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, 17 වැනි සංශෝධන මීට වඩා ක‍්‍රමවත්ව ක‍්‍රියාත්මක කිරීම, පවතින මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම, පවතින ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම, ජන මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවණතාවයට රට යොමු කිරීම යන දැනට යෝජිත ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් වත්මන් රජය නියෝජනය කරන බොහෝ මැති ඇමතිවරුන් බොහෝ දෙනෙක්ද කැමැත්තක් දක්වන බවද සෝභිත හිමියෝ කීහ.
lanka C news
No comments:
Post a Comment